උසස් පෙළ සමත් සියලුදෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය කියයි
Posted on October 18th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

උසස් පෙළ සමත් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට අවස්ථාවක් හිමිකර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ වරකාපොල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එම ජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද එක්ව සිටියා.

මේ අතර, සාර්ථක දැක්මක් – වැඩකරන රටක් තේමාව යටතේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ලද තවත් ජන රැළියක් ගලිගමුව නගරයේදී ඊයේ පැවැත්වුණා.

එමෙන්ම, කුලියාපිටිය නගරයේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් ජන රැළියක් සංවිධානය කර තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress