දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති ලෙස රොහාන් වැලිවිට යළිත් පත්වේ.
Posted on October 19th, 2019

Public Media Center 

දේශීය සිනමා කර්මාන්තයේ නියැලි සියළුම වෘත්තිකයන් නියෝජනය කරන එකම සංවිධානය වන දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ” නව සභාපතිවරයා ලෙස ප්‍රවීන මාධ්‍යවේදී,චිත්‍රපට අධ්‍යක්ෂක,වර්තමාන විපක්ෂනායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා අද දින පැවතිනිළවරණයේදී තේරී පත්විය.මෙම තනතුර 2019-2021 යන වසර සදහාය.ලේකම්වරයා ලෙස ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක එරංග සේනාරත්න මහතා හා භාණ්ඩාගාරික ලෙස ප්‍රවීන රංගන ශිල්පී කීර්ති බණ්ඩාර මහතා පත්විය.

වර්තමානයේ දේශීය සිනමාව, කර්මාන්තයක් ලෙස අර්බුද රැසකට මුහුණ දී ඇති බවත් එය නැවත වරක් යථා තත්ත්වයට පත්කිරීමට සියළුම සිනමා ශිල්පීන් ඒකරාශි වියයුතු බවත්” නව සභාපති රොහාන් වැලිවිට මහතා මෙහිදි සඳහන් කලේය.

 උප සභාපති ලෙස චිත්‍රපට අධ්‍යක්ෂක පද්මසිරි කොඩිකාර හා උපලේකම් ලෙස ප්‍රවීන රංගන ශිල්පිනි සනෝජා බිබිලේ පත්විය.සිනමා ක්ෂේත්‍රයේ නියැලි ප්‍රවීනයන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනි සිටීමට කැපවී සිටින දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයට ඔබගේ ප්‍රශ්න‘දේශිය සිනමා ශිල්පීන්ගේ සංවිධානය, අංක 76, පූර්වාරාම පාර, කොළඹ 06’ යන ලිපිනයට යොමු කරන මෙන් නව සභාපති රොහාන් වැලිවිට මහතා ඉල්ලා සිටී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress