නාගානන්ද: මිනිසුන්ගේ සල්ලි දෙන්න…
Posted on October 19th, 2019

චතුර පමුණුව උපුටා ගැන්ම දිවයින

naagananda444
naga2


‘‘නීතිඥයෙක් විදිහට මම මහජන ප‍්‍රශ්න ගැන කතා කරනවා මම විතරයි මේ ජනතාවගේ පරමාධිපත්‍යය වෙනුවෙන් නීතිපතිවරයාට විරුද්ධව” දුශන කොමිසමට විරුද්ධව පාර්ලිමේන්තුවට විරුද්ධව” අගමැතිට විරුද්ධව ජනපතිට විරුද්ධව නීතිය ඉදිරියට ගිහිල්ලා තියෙන්නෙ ඒ විතරක් නෙමෙයි. මහජනතාවගේ අධිකරණ බලය පාවා දීපු විනිසුරුවරුන් හයදෙනෙක් මම චාජ් කරලා තියෙනවා දැන් ඉන්න විනිශ්චයකාරවරයාගේ ඉඳලා සරත් එන් සිල්වා දක්වා සියලූදෙනාම තමන්ගේ ධුරයේ ඉද්දී මහජනතාවගේ අධිකරණ බලය පාවාදීලා තියෙනවා සරත් සිල්වා බලන්න එයා ප‍්‍රසිද්ධියේම පිළිගත්තනේ තමන් මහින්ද රාජපක්ෂට වාසියක් ලබා දුන්නා කියලා ඒක ඇවිල්ලා දුශන නීතියේ 70 වන වගන්තිය ප‍්‍රකාරව වරදක්නෙ විශාල වරදක් ඉතින් මම ඒකට ඔහුට විරුද්ධව නඩු දාලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට දුශන විමර්ශන කොමිසමට විරුද්ධව මම නඩු දාලා තියෙනවා මට පුද්ගලිකව මොනතරම් අවාසි වුණත් මම පෙනී ඉන්නේ මේ රටේ පරමාධිපත්‍යය ජනතාවගේ බලය සම්බන්ධයෙන් ඒ වංචාව කරන තැනැත්තා විධායකයද” ජනාධිපතිද” නීතිපතිද” අධිකරණයද” දුශන කොමිසමද එකක්වත් අදාළ නෑ මට පුද්ගලිකව හානි වුණත් මම මේක කරනවා ඔබ කිව්වා හරි මේක මගේ විඳීමක් යහපත් දේ කිරීම ඒක මට විඳීමක් හොබි එකක් මට ඒක ආශ්වාදයක්” යනුවෙන් ප‍්‍රකාශ කර තිබුණේ නාගානන්ද කොඩිතුවක්කු 2018 වසරේ රාවය පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමිනි එකල දුශන වංචා විරෝධී සටනේ වීරයකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් මොහු ප‍්‍රකාශ කළේ ඉදිරි ජනපතිවරණයට තමා ඉදිරි පත් වන බවයි සියලූ දේශපාලකයින් විවේචනය කරන මෙරට පුරවැසියන්ට ඇති එකම විකල්පය තමා බව හඳුන්වා දුන්නේය එජාපයටත් පොහොට්ටුවත් හැරෙන්නට එකම ප‍්‍රධාන බලවේගය තමා බව හඳුන්වා දුන් නගානන්ද තමා ජනතා විමුක්ති පෙරමුණටත් වඩා ඡුන්ද ගන්න බව කටමැත දොඩා තිබිණි‘ විනිසුරුවන්ටද එරෙහිව අභියෝග කරමින් මාධ්‍ය සංදර්ශන දැක්වූ නාගා මෙරට නීතිඥ සංගමය මාෆියා කල්ලියක් බවද පවසා තිබිණි‘ එහෙත් මොහුගේ නීතිඥ පට්ටම බිමට වැටිණි‘ නාගානන්දගේ නීතිඥ ධුරයේ කටයුතු කිරීම වසර තුනකට අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කළේ මේ වසරේ මාර්තු 18 වැනිදාය.

මහා පොරක් සේ රටම හදන්නට කටයුතු කළ මේ නාගානන්දට රැවටී ඇති පිරිස බොහෝ බව පෙනෙන්නේ ජනපතිවරණයට නාමයෝජනා ලබා දීම අවසන් වීමෙන් පසුය මේ කාඞ්බෝඞ් වීරයින් හෙළිවීම රටට හොඳය රටේ එකම සුදනා තමා යැයි වහසි බස් දෙඩු නාගානන්ද අවසානයේ ජනපතිවරණ සටන පවා මඟ හැරියේය මොහුට රැුවටුණු පිරිස” ලක්ෂ ගණනින් මුදල් ලබාදුන් අය දැන් තමන් බැර කළ මුදල් ඉල්ලා සිටිති නමුත් නාගා ප‍්‍රකාශ කරන්නේ අන් අය දුන් සල්ලි ජනපතිවරණයට පෙරම දැන්වීම් සඳහා වියදම් වී තමාත් ණයකාරයකු වී ඇති බවයි කෙසේ නමුත් ඉදිරියට තමාගේ සුරතල් බල්ලන් දෙදෙනා දක්කාගෙන පාරේ යන්නට නම් මේ පුද්ගලයාට නොහැකි වන බව සහතිකය මන්ද නාගානන්ද විරෝධියෙක් මේ පාරේම ගමන් කළහොත් ගැටුමක් ඇතිවන නිසාය 2001 දී සුපිරි ක‍්‍රිකට් තරු දෙකක් රේගුවේ සිදු කළ වංචාවක් හෙළි කළ නිසා එල්ලවූ මරණ තර්ජන නිසා ජීවිතාරක්ෂාව පතා 2009 එංගලන්තයට පැන ගිය නාගාට අද සිදුව ඇත්තේ කුමක්ද ? රට හමුවේ නිරුවත් වීම නොවේද ? මුහුණු පොතේ දුෂණ විරෝධියාගේ රෙද්ද ගැලවී ඇත එක දවසින් ව්‍යවස්ථා විප්ලවයක් කරන බව පැවසූ මොහුට බොහෝ පිරිසක් රැවටුණේ රටට ගැලපෙන එකම විකල්පය බව කියමිනි නමුත් මොහු ජනපතිවරණය ඇප තැන්පත් කළේ හෝ නැත මොහු මුල සිටම කිව්වේ නාගනන්ද ජන්දය ඉල්ලූවත් දිනුම් පැරදුනත් දිනුම් යනුවෙනි එය සැබෑවක් වී නැත්ද? මොහුගේ ‘‘විනිවිද පදනම” හරහා ලංකාවේ ජනයාට පෙන්නුම් කළ කටුක සත්‍ය කුමක්ද?

විනිවිද පදනම හරහා එළිදැක්වූ නාගාගේ යෝජිත ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික කරුණු වූයේ මොනවාද? මේ ඊනියා ව්‍යවස්ථාවට සමාජ මාධ්‍ය වල සැරිසරන්නන් කොටසක් අන්ධ විය එහි තිබුණේ කවරක්ද ? මහජනතාව අනුමත කළ ව්‍යවස්ථාවට ජයග‍්‍රහණයෙන් පසු තමා අත්සන් කිරීමත් සමග විධායක ජනාධිපති ධුරය අහෝසි වන අතර ඒ මොහොතේ සිට අග‍්‍රාමාත්‍යවරයා ලෙස ක‍්‍රියා කිරීම” පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව 125කට සීමා කිරීම” ඇමතිවරු ගණන 15කි” තීරුබදු සහිත වාහන බලපත‍්‍ර ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම” පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විශ‍්‍රාම වැටුප අතීතයට බලපාන ලෙස අහෝසි කිරීම” පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි උපරිම වාර ගණන දෙකකට සීමා කිරීම” පළාත් සභා ක‍්‍රමය අහෝසි කෙරේ තේසවලාමේ නීතිය” මුස්ලිම් නීතිය හා උඩරට නීතිය අහෝසි කෙරෙන අතර එක රටක් තුළ එක නීතියක් බලාත්මක කිරීම” උප්පැන්න සහතිකයට ජාතිය ඇතුළත් කිරීම ඉවත් කිරීම” යුද ජයග‍්‍රහණ සැමරුම් අවලංගු කිරීම යනු එහි අඩංගු වූ කරුණුය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දෙසිය විසි පහම ප‍්‍රතික්ෂේප කරමු යැයි නමුත් දියවන්නාවේ මන්ත‍්‍රීවරුන්ටත් වඩා මොහු තක්කඩියෙකි මන්ද මන්ත‍්‍රීවරු මහජනයාට වගකීමට බැඳී සිටියද මෙවන් පුද්ගලයන්ගේ උන්ගිටි තැන්වත් සොයා ගැනීම අපහසුවේ 2019 ජනපතිවරණයේ තරගය ඇත්තේ තමාත් එජාපයත් පොහොට්ටුවත් අතර යැයි කිවූ නමුත් අන්තිමේ මොහු අතුරුදහන්වී ඇත නාගානන්ද ගේ සාකච්ඡවක් යූ ටියුබ් හරහා නැරඹූ මෙරට පුරවැසියෙක් තබා තිබුණු සටහන කුමක්ද? ‘‘ මා හිතන්නේ ඔහු තමා මේ රට ගොඩදාන්න එන දියසෙන් කුමාරයා තෙරුවන් සරණයි ඔබට ජය” මෙයින් අපේ රටේ ජනයා මොහුට රැුවටී තිබූ අයුරු පැහැදිලි නොවන්නේද? මොහු අපේක්ෂා කළේ ජනපතිවරණයෙන් ලක්ෂ 15ක් ලබා ගැනීමය ඒ හරහා රට වෙනස් කරන්නටය ලක්ෂ 15ක් මෙරට ජනතාව අන්ධවී සිටීද? නමුත් දැන් සිදුව ඇත්තේ ලැබ්බ‍්‍රඩොර් බල්ලන් දෙදෙනා සමග සැඟවීමටය.

‘‘අපි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු” පක්ෂය අවසානයේ නාගානන්දට ද්‍රෝහී වී ඇත ජවිපෙටත් වඩා ඡන්ද ගැනීමට සිතා සිටි මොහු දැන් පවසන්නේ තමන් අනුර කුමාරට සහය දෙන බවය පක්ෂයක් සොයා ගැනීමට නොහැකි තැනැත්තා රට වෙනස් කරන්නේ කෙසේද? පසුගිය සඳුදා මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී මාධ්‍යවේදීන් අමතමින් නාගා සඳහන් කළේ කුමක්ද?” පොරොන්දුව වුණේ මම එංගලන්ත පුරවැසි භාවය අහෝසි කළොත් මට ඡන්දය ඉල්ලන්න අවස්ථාව දෙනවා කියන දෙය මම අනිත් අය වගේ බොරු සාක්ෂි ඉදිරිපත් කළේ නෑ මම පුරවැසිභාවය අහෝසි කිරීමේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කළේ” මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ සහතිකයත් ඇතිව නමුත් එම පක්ෂය එය පසෙකළා දිගින් දිගටම අපේක්ෂකත්වය නොදෙන්න කටයුතු කළා ඔවුන් කිව්වා සිකුරාදා 12 ට පැමිණ මා වෙනුවෙන් ඇප තැන්පත් කරනවා කියා පසුව එහි ලේකම්වරයා සවස 4 ට පැමිණ කිව්වා අපේ පක්ෂයෙන් ඔබට ඡුන්දය ඉල්ලන්න අවසර නෑ කියා” නාගානන්ද රටේම යහපත සාධාරණත්වය ඇතිකරන්නේට ජනපති පුටුවට වාඩිවෙන්නට උත්සහ කළේ පක්ෂයක් බද්දට ගෙනය අන්තිමේ ‘‘අපි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු” නාගාට කොකා පෙන්නුවේය හරියට පක්ෂයක් සොයාගැනීමට හැකියාවක් නමැති පුද්ගලයා ලංකාව වෙනස් කරන්නේ කෙසේද? මේවා මෙරට පුද්ගලයින්ට හොඳ පාඩම්ය බුදුන් ලංකාවේ ඉපදුණා යැයි ඒ බව කියන කණ්ඩායම් පසුපස යන පිරිස් බිහිව ඇති සමයක නාගාට රැවටීමත් මහා දෙයක් නොවේ නාගා ගේ මතකය මහවැලි ගඟට විසි කර දැමිය නොහැක්කේ බොහෝ දෙනෙකු ඔහුට යැවූ රුපියල් පන්දහස ඉල්ලමින් මුහුණු පොතේ පොස්ට් දමන නිසාය සක්විති රණසිංහගෙන් පසුව තවත් දේශපාලන සක්විත්තෙක් බිහිව ඇත සක්විති නම් ඉංග‍්‍රිසි භාෂාව ඉගැන්වූ නමුත් නාගා ලංකාවටම සුපිරිසිදු දේශපාලනය ඉගැන්වීමට වෙර දැරීය අවසානය ජනී ජනයා කියන්නේ කුමක්ද? නාගානන්ද අපේ සල්ලි දෙන්න යනුවෙන් නොවේද? ඇත්තටම නාගාට පක්ෂයක් නොමැතිවීමත් රටට යහපතකි මන්ද ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වූවානම් ඒ ඡුන්ද අපතේ යන නිසාය එය රටට අයහපතකි.
 

චතුර පමුණුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress