නීතියේ ආධිපත්‍යය: මහේස්ත්‍රාත්ලා කපුරුහාමිලාද?
Posted on October 22nd, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.Ph.D

මුලතිව් ගුරුකන්ද විහාරයේ හාමුදුරුවන් විහාර ඉඩමේ අදාහනය කිරීම තහනම් කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් දුන් තීරණය මතක් කරන්නේ නමින් කපුරුහාමි, නමුත් කට ගඳයි යන ආප්තෝපදේශයය.  බොදු බල සේනාවේ ඥානසාර හාමුදුරුවන්  නැවතත් කොටු කිරීම සඳහා මෙවර ඉදිරිපත්‌ව සිටින්නේ විග්නේශ්වරන් ප්‍රමුඛ උතුරේ ඊලම්කාරයින් පිරිසකි. ඒ සඳහා ඔවුන් ගේන්නේ නීතියේ ආධිපත්‍යය නොහොත් උසාවියට අපහාසකල යන පරණ බයිලාවමය. හෝමාගම මහේස්ත්‍රාත් හරහා නීතිපති දෙපාර්‌තමේන්තුව හා ජේවීපී නීතීඥ කුමාරප්පෙරුමලා ගැසූ කලින් බයිලාව කෙතරම් අසාධාරණද යන්න ඉංග්‍රීසි හා සිංහල ලිපි කීපයකින්ම මීට පෙර පෙන්වා දෙන ලදී. ඒවා ඇපැල් උසාවියද ඇතුළු ආයතනවලට ඊමේල් මඟින් යවන ලදී.

උසාවියට අපහාසකලා යන සංකල්පය අයුතුලෙස යොදවා ගැනීම වැලැක්‌වීමට නීතියක් පාස්කර ගන්නා තෙක්, එය කැලෑ නීතියක් බවට පෙරලීම නතර කිරීම ඇපැල් උසාවියේ වගකීමක් බව මෙම ගුරුකන්ද විහාර පෙත්සමට අදාල කාරණා විමසන විට සක්සුදක්සේ පැහැදිලි වන්නේය. වැඩබලන මහේස්ත්‍රාත්‌වරයා ඊලම් විග්නේශ්වරන්ගේ ගෝලයෙක් වීම මෙහිදී වැදගත් නැත. නමුත් ඕනෑම නඩුකාරයෙක් විසින් ගන්නා තීරණයක් හිතුවක්කාර (උන්ෆෛර්, අර්බිට්‍රර්ය්) විය නොහැකිය. පුද්ගලික නඩුවකදීත්, පොදු නඩුවකදීත් මෙය එකසේ භාරදූර වගකීමකි.

අපවත්‌වූ හාමුදුරුවන්ගේ දේහය නරක්‌වී දුගධ ගසනතුරු තබාගත නොහැකිය. අනික එය වලලන එක හා ගිනිතබන එක අතර වෙනසක් ඇත. මිනියක් වැලලූවිට එය දිගටම ඒ ඉඩමේ තැන්පත්‌ව තිබේ. එහෙත් සොහොනෙන් අළු ඉවත් කල පසු එහි කිල්ලට අසුවීමට දෙයක් ඉතිරි නොවේ. බෞද්ධයින් අතර මෙවැනි විශ්වාසයක්ද නැත. හින්දු කෝවිල්වල සතුන්ගේ බෙලි කපා ඒ ලේ කටේ ගා ගැනීමද සිදුවේ. වැඩබලන මහේස්ත්‍රාත් දෙමළ හින්දු හෝ ක්‍රිස්තියානි අයෙක් නම් ඔහුට මේවා ගැන තේරුමක්, දැනුමක් නොතිබිය හැකිය.

එහෙත් ඔහුට තිබූ සීමිත කාලය තුලදී මෙම විහාර-කෝවිල් අර්බුදය නිරාකරණය කර ගැනීමට සධාරණලෙස (රෙසොනබ්ලෙ) හා ප්‍රඥාවන්තලෙස (wඉසෙල්‍ය්) ක්‍රියාකිරීමට අවකාශ තිබුණේය. ඔහු විසින් ඉතිහාසය අමතකකර ඇත. අක්කර 90 කට වැඩි භූමියක් පැරණි විහාර නටබුන් ලෙස 1930 ස් ගණන්වලදී සිට හඳුනාගෙන ඇත. ඓතිහාසිකව දළදා සමිදුන් වැඩමකරගෙන ආවේ මේ පන්සලටය. දෙමළ ත්‍රස්තවාදීකාලයේ මෙම අපවත්‌වූ හිමියන් මෙහි පන්සලක් ස්ථාපිතකර, අසල තිබූ දේව පිලිමයක් ඒ අසල තබා එය පන්සල ආශ්‍රිත දේවාලයක් ලෙස පවත්‌වාගෙන යන ලදී. අවට ජීවත්‌වූ දුප්පත් හින්දු මිනිසුන් පන්සලේ හාමුදුරුවන්ගේ උපකාරද ලබමින් ජීවත්‌විය.

මේ සියල්ල වෙනස්‌වූයේ උතුරු පලාත් සභා වන්දයක් පවත්‌වා සිංහල ලේලිලා දෙන්නෙක්ම ඉන්නා විග්නේශ්වරන්ට එය ලබාදීමෙන් පසුවය. මේ කොළඹ ජීවත්‌වන ඊනියා දෙමළ මධ්‍යස්ථ මතධාරියා යයි සැලකූ පුද්ගලයා, සිංහල ආණ්ඩු නිදහසේ සිටම දෙමළ ජනසංහාරයක් කරනවා, උතුරේ පන්සල් හා බුදුපිලිම එපා යන ව්‍යාපාරයක් ආරම්භ කලදා සිට උතුරු-නැගෙනහිර පුරාණ බෞද්ධ නටබුන් ආක්‍රමණය කිරීමේ කැත, දුෂ්ට ජාතිවාදී විෂ අහිංසක හින්දු ජනයාට පෙවීම, කොළඹ යහපාලන ඇමතිලාගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක විය. මේ අනුව පන්සලේ තිබූ දේවාලය, කෝවිලකට පෙරලී කෝවිල් කමිටුවක්ද බිහිවිය. කලින් හාමුදුරුවන්ගෙන් පාසැල් පොත්, ආහාරපාන යනාදිය සතුටින් ලබාගත් හින්දූන්ට ඒවා ආපසු පන්සලට දෙන ලෙස අණකරන තත්‌වයකට ටිිෙන්‌ඕකාරයින් කෲරවිය.

මෙවැනි පසුබිමක් යටතේ පන්සල් ඉඩමේ අපවත්‌වූ හාමුදුරුවරුන්ගේ මෘතදේහ ආදාහනය කිරීමේ බෞද්ධ සම්ප්‍රදාය නතර කිරීමේ බලයක් මහෙස්ත්‍රාත්ට නැත.  13 වන සංශොධනය යටතේ මෙවැනි බලයක් උතුරු පලාතට නැත. පන්සලේ දායක සභාව විසින් ගත් තීරණයට පන්සලේ දායක සභාවට මිස, ඥානසාර හාමුදුරුවන් පස්සේ හඹaaේමට  විග්නේශ්වරන් ඇතුළු උතුරේ ඊලම්කාරයින් හා මන්ත්‍රීලා ගන්නා උත්සාහය නීතියේ අධිපත්‍යය ගනිකාවක් සේ සැලකීමකි. 

දකුණේ සිංහල දේශපාලකයින් මේ අවස්ථාවේදීත්, මුහුදු මහා විහාර ආක්‍රමණයෙදීත්, ත්‍රිකුණාමල කින්නියා උණුදිය උල්පත් විහාරභූමි ප්‍රශ්ණයේදීත් හොරගල් අහුලන්නේ දෙමළ චන්දවලට ඇති පෙරේතකම නිසා මිස යුක්තිය හා සත්‍යය නොදන්නා මිස නොවේ. ගෝඨාභය පුරවැසිකම පිළිඹඳ පෙත්සමේදී මෙන් මෙහිදීද පෙනීයන්නේ සද්භාවයෙන් තොරව මේ ඊලම්කාරයින් විසින්, උසාවිය, කොස් ඇට බා ගැනීම සඳහා බළල් අතක් කරගන්නට හදන බවය. මොවුන් උසාවියට එන්නේ අත්‌වල තැවරුණු දේශපාලන ඊලම් ලේ ඇතිවය.

මනා දැණුමක් හෝ නිසි ප්‍රඥාවක් නැතිව යම් මහේස්ත්‍රාත් කෙනෙක් යම් හිතුවක්කාර තීරණයක් ගත්තොත් එය නීතියට පටහැනි වන නිසා, එය නොසලකා හැරීම උසාවියට අපහාස කිරීමක් නොවේ. මහේස්ත්‍රාත්ගේ තීරණයට විරුද්ධව ඉහල උසාවියකට යාමට ගියොත් මළමිනිය කුණුවන්නේය. මහේස්ත්‍රාත්ගේ තීරණය අවලංගු කලේ දායක සභාව මිස ඥානසාර හිමියන් නොවේ. රටේ ජනතා නායකයෙකු වශයෙන් උන්වහන්සේට මෙම ආදාහනයට සහභාගී නොවී සිටීමට නොහැකිය. මෙම සිද්ධිය ජාතික ප්‍රශ්ණයක්‌වීම වැලකුණේද ඒ නිසාය.

6 Responses to “නීතියේ ආධිපත්‍යය: මහේස්ත්‍රාත්ලා කපුරුහාමිලාද?”

  1. Randeniyage Says:

    “13 වන සංශොධනය යටතේ මෙවැනි බලයක් උතුරු පලාතට නැත.” Why are you promoting Ealam and crying Gurukanada ?

    Why do have a උතුරු පලාත at all ?
    Who created a Vigneshwaran to be the leader of commonwelath ?

    Ego of politicians ruining the land.

    13 වන සංශොධනය is the root of all issues threatening national security and peaceful coexistence of all races.

    Remove unbearable cost to the country !
    Remove and dissolve all Pallath Sabha and various laws.

  2. Dilrook Says:

    @Randeniyage

    Here is the video clip you were after. But there was another where he said the same thing.

    “https://www.facebook.com/iskuruppu/videos/725529551205187/”

  3. Randeniyage Says:

    Thank you so much. I looked for this for years now !

    I don’t trust my memory too much, but these things I never forget. This Cunning Fox betrayed our motherland for Apeguard money. He even paid money to JVP. Worst betrayer ever, yet pretending to be biggest patriot.

    Sometimes, I too feel like give up and go my own business why the people as sooooooo blind and deaf and utterly foolish. But then if we think deeply, they are helpless – after feeling defeated,small, no self esteem for many years of LTTE dominance , they became elated so much with the defeat of LTTE. But they are also so cold blooded to ignore who actually made the sacrifice.

  4. Randeniyage Says:

    Dear Dilrook,
    Will the war victory completely destroy our country and the Sinhalese ? Jjust the opposite of what our war heroes wanted before their deaths.

  5. Dilrook Says:

    @Randeniyage

    Yes; it will complete destroy our country and fool the Sinhala people. Many war heroes and their families I spoke to say there will be no one to fight for SL if war breaks out again.

    “A great fortune in the hands of a fool is a great misfortune”.

    This was not how our ancient kings managed war. They never sold war to legitimise their rule. They continuously delivered. People, moderated by Buddhism, didn’t attribute war credit to the king for long. Everything was taken in moderation even by the king.

  6. Randeniyage Says:

    @ Dilrook

    Kevum eaters should remind themselves that the kings lead the war in front. They were in the front on an elephant on on foot. Fake kings are in bullet proof cars, driving fast away from danger and taking a group of the cream of fighters with them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress