පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ගැටලුවක් – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස
Posted on October 22nd, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයෙකු ලෙස අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කටයුතු කිරීම හේතුවෙන් එහි සුජාතභාවය සම්බන්ධයෙන් පැහැදිලි ගැටලුවක් පැන නගින බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ කැලණිය මානෙල්වත්ත ශ්‍රි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
යුගයේ අවශ්‍යතාව සහ භික්ෂු සමාජයේ කාර්යභාරය පැහැදිලි කිරිම සඳහා සමස්ත ලංකා ශාසනබල මණ්ඩල සභාපති හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් සහභාගී වූ මෙම විශේෂ සමුළුව පැවැත්වුණේ කැලණිය මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි.