විපක්ෂ නායකවරයාගෙන් චෝදනාවක්
Posted on October 22nd, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති කැමති ආගමක් ඇදහීමේ අයිතිය මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙරට ජනතාවට අහිමි කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මිද්දෙනිය ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින්.
සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව යටතේ, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් එක් රැලියක් මිද්දෙණිය සති පොළ භූමියේදි ඊයේ පස්වරුවේ පැවැත්වුණා.