කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය යළි ගොඩනගන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි
Posted on October 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ බිද වැටී ඇති සංචාරක කර්මාන්තය ඉහළ විදේශ විනිමය ලැබෙන පරිදි ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොදුජන  පෙරමුණ ජනාධිපතිවරණය වෙනුවෙන් බණ්ඩාරවෙල නගරයේ ඊයේ සංවිධානය කර තිබූ ජන රැළියකට එක්වෙමින්.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් ජනාධිපතිවරණ රැළියක් අද ත්‍රිකුණාමලයේදී පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress