ගෝඨාභයට එරෙහි එජාපයේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක්
Posted on October 29th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය දරාගැනීමට නොහැකි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම ඇතුලු පිරිසක් නින්දිත දේශපාලන කුමන්ත්‍රණයක නිරතවීමට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress