දූෂණය සහ වංචාවට සම්බන්ධ කිසිවෙකුට තනතුරු ලබා නොදෙන බව සජිත් ප්‍රේමදාස කියයි
Posted on October 31st, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
තම ජයග්‍රහණයෙන් පසු ගොඩනගන රජය තුළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හැර වෙනත් කිසිවෙකුට කිසිදු තනතුරක් දීමට මෙතෙක් තමන් තීරණය කර නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දඹුල්ලේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ දූෂණය සහ වංචාවට සම්බන්ධ දේශීය සංස්කෘතිය කෙළෙසූ කිසිවෙකුට තම රජයේ කිසිදු තනතුරක් ලබා නොදෙන බවයි.
මේ අතර තවත් ජන රැලි කිහිපයකටද සජිත් ප්‍රේමදාස මහතා ඊයේ එක්වුණා.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන හමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව යන්ග්ස්ටාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.