චීන ශී‍්‍ර ලංකා සාඵල්‍ය සහයෝගිතාව පිළිබඳ සම්මන්ත‍්‍රණයේ දී තානාපති චෙං ක්ෂෙයුආන් පළ කළ අදහස්වල සම්පිණ්ඩනය
Posted on November 2nd, 2019

(2019 ඔක්තොබර් 29 වැනි දින කොළඹ නෙළුම් කුඵණෙ හි – චීන – ශී‍්‍ර ලංකා ආර්ථික සම්බන්ධතා පිළිබඳ කරුණු කීපයකි.

  1. ශී‍්‍ර ලංකාවෙහි සමාජ ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප‍්‍රාග්ධන ආධාර චීන රජය විසින් සපයනු ලැබ තිබේ.
    ශී‍්‍ර ලංකාවෙහි අතිශය වැදගත් හවුල්කරුවකු වන චීනය එහි විිශාලතම විදේශීය ආයෝජකයා ද වෙයි. අභ්‍යන්තර යුද්ධය නිම වීමෙන් පසුව නැවත රට යථා තත්ත්වයට පත් කරවීමත් ආර්ථිකය සංවර්ධනය කිරීමත් පිණිස විදේශීය සම්පත්වල අවශ්‍යතාව ශී‍්‍ර ලංකාවට දැඩිව දැනෙමින් තිබේ. හිතෛශී මිත‍්‍රයකු මෙන් ම අසල්වැසියකු ද වශයෙන් ශී‍්‍ර ලංකාවට අවශ්‍යව තිබෙන මූල්‍යමය සහාය චීනය වෙතින් ලැබිණි. සියලූ ම ණය චීනය විසිින් ලබා දෙන ලද්දේ ශී‍්‍ර ලංකා රජයේ සහ එහි ව්‍යවසායයන් ගේ ඉල්ලීම මත නිසි විිද්‍යාත්මක විිශ්ලේෂණයකින් ද අනතුරුව ය.
    ශී‍්‍ර ලංකා මහ බැංකුවෙහි සහ මුදල් අමාත්‍යංශයෙහි වාර්තාවනට අනුව 2018 වසර අවසානය වන විට සමස්ත විදේශීය ණය ප‍්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 52 කට ආසන්න වූ අතර චීනය වෙතින් ලබාගෙන තුබුණේ ඉන් 11.5% වූ රුපියල් බිලියන 6 ක් පමණි. එකී බිලියන 6 න් 60% ක් ම වෙළෙඳපොළ සාමාන්‍ය අනුපාතයට ද වඩා අඩු පොලියක් මත ලබා ගැනුණු වරණීය ණය වන බැවින් විශාල වශයෙන් ම ආපසු ගෙවීම බරක් බවට පත්ව තුබුණේ බටහිර රටවලින් ලබාගැනුණු ණය වීම මෙහි දී කැපී පෙනෙන තත්ත්වයකි. බොහෝ විට ඉතා විශාල පොලියක් මත බටහිර රටවලින් ලබාගන්නා ලද ණය ආපසු ගෙවීම සඳහා එසේ චීනය වෙතින් ලද ණය පහසුකම් ප‍්‍රයෝජනයට ගැනීමට ශී‍්‍ර ලංකාව විසින් පියවර ගනු ලැබේ. චීනය කරන්නේ ශී‍්‍ර ලංකාව ‘‘ණය උගුලකට’’ හසු කිරීමක් නොව ඉන් මිදීම සඳහා සහාය වීමකි.
    චීීනයෙන් ලබාගැනුණු ණය වැඩි වශයෙන් යෙදැවී තිබෙන්නේ ශී‍්‍ර ලංකාවෙහි සමාජ ආර්ථික සංවර්ධනයෙහි ලා ප‍්‍රබලව අවශ්‍ය වී තිබෙන හා ජන ජීවිිතය විිෂයෙහි ද විිශාල ලෙස බලපාන වරාය ද මහා මාර්ග ද ජල සංරක්ෂණ ව්‍යාපෘතීන් ද වෙනුවෙනි. චීනය වෙතින් ලද සහයෝගිතා ව්‍යාපෘතීන් හා ණය පහසුකම්, යටිතල පහසුකම් ගොඩනැංවීමත් එමගින් ආර්ථික ප‍්‍රගමනය ප‍්‍රවර්ධනය කරවීමත් ජනතා ජීවනොපායයන් වැඩි දියුණු කරවීමත් අනාගත සංවර්ධනය සඳහා අවශ්‍ය බලශක්තිය සපයාගැනීමත් පිණිස විිශාල ලෙස දායක වී තිබේ. ‘‘ඊනියා ණය උගුලක්’’ පිළිබඳ කතාව බටහිර මාධ්‍ය විිසින් ගොතන ලද තවත් මුසාවක් ම වන බව නො කිව මනා ය. ඔවුන් ගේ එක ම අභිලාෂය වන්නේ චීනය ඇතුළු වෙනත් සංවර්ධනය වන රටවල සංවර්ධනය අවහිර කිරීම බව පෙනෙන්නට තිබේ.
  2. හැමට ජය ගෙනෙන අන්‍යොන්‍ය ශුභ සිද්ධිය චීන – ශී‍්‍ර ලංකා සාඵල්‍ය සහයෝගිතාවෙහි ස්වභාවයයි. නොරොච්චෝලේ විදුලි බලාගාරය උදාහරණ කොට ගනිමු. ජාතික විදුලි බල පද්ධතිය 50% කින් පමණ පෝෂණය කරන්නේ නොරොච්චෝලේ බලාගාරය විසිනි. විදුලි බල හි`ගය ඉන් පිරිමැසෙන අතර අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාව ද ඉන් ලැබී තිබේ. විදුලිය සඳහා අය කැරෙන ගාස්තු ද 25% කින් පහත හෙළීමට ද එමගින් හැකි වී ඇත. එම විදුලි බලාගාරයේ ප‍්‍රතිලාභ ශ‍්‍රී ලංකා ජනතාව දැන් භුක්ති විිඳිති.
  3. රැුකියා අවස්ථාවන් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය සඳහා චීන – ශී‍්‍ර ලංකා සාඵල්‍ය සහයෝගිතාව දායක වෙයි. අනාගතයේ දී ශී‍්‍ර ලංකාව සඳහා අවශ්‍ය වන්නා වූ නිපුණතා සහිත තරුණයන් පුහුණු කරවීම පිණිස ද ඉන් සහයෝගය ලැබේ.
    නිම නොවූ සංඛ්‍යා ගණනයන්ට අනුව රැුකියා අවස්ථාවන් 100,000 කට අධික ප‍්‍රමාණයක් නිර්මාණය කිරීම ද 10,000 කට අධික තාක්ෂණ හා කළමනාකරණ කි‍්‍රයාකාරීන් පුහුණුකරවීම ද තුළින් ශී‍්‍ර ලංකාවට තනිව වර්ධනය වීමෙහි ලා ඉවහල් වන්නා වූ ශක්තිමත් ‘‘මෘදු බල’’ පදනමක් නිමවීමට මෙම ද්විපාර්ශ්වික සහයෝගිතාව විසින් පියවර ගනු ලැබ තිබේ.
    ශී‍්‍ර ලාංකික කළමනාකරුවන් 30 කට අධික ප‍්‍රමාණයක් හා 2,000 කට අධික ශ‍්‍රමිකයන් ප‍්‍රමාණයක් චීන ජාතික ඉදිකිරීම් හා ඉංජිනේරු ආයතනය තුළ සේවයෙහි යොදවනු ලැබ සිටිති. ස්වදේශිකයන් සඳහා වූ ආරක්ෂා සහිත වෘත්තීය හා පුහුණු වීම් මධ්‍යස්ථානයක් ද චීන ජාතික ඉදිකිරීම් හා ඉංජිනේරු ආයතනය විසින් ඉදි කරනු ලැබ ඇත. වර්ග මීටර 2,000 ක වපසරියකින් යුතු මෙම මධ්‍යස්ථානය ආරක්ෂා සහිත අභ්‍යාස කි‍්‍රයාවලීන් 12 කින් ද වෘත්තීය පුහුණු වැඩසටහන් 6 කින් ද සමනවිත ය. මෙම මධ්‍යස්ථානයෙහි පුහුණුවීම්වලින්් සහ පරීක්ෂණයන් ගෙන් සමත්ව වෘත්තීය නිපුණතා පිළිබඳ සහතිකපත‍්‍ර ලබාගැනීමට ස්වදේශිකයනට හැකියාව ලැබී ඇත.
    ඉදිරි කාලයේ දී තවත් රැුකියා අවස්ථාවන් 83,000 කොළඹ වරාය නගරය තුළ ශී‍්‍ර ලංකාව සඳහා නිර්මාණය වනු ඇත.
  4. දියුණු තාක්ෂණය අධ්‍යයනය ද ප‍්‍රමිතිකරණය ද පාරිසරික සුරක්ෂිතතාව ද චීන – ශී‍්‍ර ලංකා සාඵල්‍ය සහයෝගිතාව විසින් ප‍්‍රමුඛත්වයෙහි ලා සලකනු ලබන්නේ ය.
  5. සමාජ වගකීම් ඉටු කිරීමෙහි ද පරිත්‍යාගයන් සිදු කිරීමෙහි ද චීන සමාගම් සහ ඒකාබද්ධ ව්‍යාපෘති නිරත වෙති.
  6. චීන – ශී‍්‍ර ලංකා සාඵල්‍ය සහයෝගිතාව කිසි විටෙක ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වයටත් ආරක්ෂාවටත් හානි නො කරයි. වරායයන් සහ ගුවන් තොටවල් පිහිටුවීම තුළින් යුද හමුදා කඳවුරක් නිර්මාණය කරගැනීමට චීනය සැලසුම් කරතැයි ඇතැම් බටහිර මාධ්‍ය විකාර මැසිවිල්ලක යෙදෙති. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේත් දෝෂ දර්ශනයට එබඳු ප‍්‍රකාශයන් භාජන වෙමින් තිබේ.
    අධිරාජ්‍යවාදයේ හා යටත් විජිතවාදයේ පීිඩාවට අතීතයේ දී චීනය භාජන වී ඇත. ස්වකීය ස්වෛරීත්්වය සහ කලාපීය එකමුතුකම අතිශයින් ම අගය කරන චීනය බාහිර මැදිහත්වීම්වලට විිරුද්ධ වනවා පමණක් නොව, සෙසු රටවල ස්වෛරීත්වයට ද ඔවුන් ගේ කලාපීය එකමුතුභාවයට ද කිසි විටෙක හානි නො කරන්නේ ය. යුද ගිනි අවුළුවාලීමෙහි රහසේ නිරත වෙමින් සිටින ඇතැම් බාහිර බලවේග ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කඩතිරයට මුවා වෙමින් හිතුමතයේ ප‍්‍රකාශ කරන්නේ චීනය යුද ගිනි අවුළුවන බවයි. මේ පිළිබඳව ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව සාධාරණව විනිශ්චය කරනු ඇතැයි යන්න අප ගේ විශ්වාසයයි.
    ඪ චීන – ශී‍්‍ර ලංකා සාඵල්‍ය සහයෝගිතාවෙහි ඊ ළ`ග පියවර පිළිබඳ යෝජනා
  7. ශී‍්‍ර ලංකාවෙහි පරිපාලන හා නීති සම්පාදන ආයතන ප‍්‍රවර්ධනය කිරීමටත් ජාත්‍යන්තර පරිචයන් ගුරු කොට ගනිමින් අදාළ නෛතික ආකෘතීන් සහ ප‍්‍රතිපත්තීන් කඩිනමින් සම්පූර්ණ කිරීමටත් විදේශීය ආයෝජනයන් ආකර්ෂණය කරගැනීම පිණිස වැඩදායක වන්නා වූ පරිසරයක් නිර්මාණය කිරීමටත් එසේ ම, හැකි ඉක්මනින් ප‍්‍රතිඵල ලබාගත හැකි වන පරිදි මහ පරිමාණ ව්‍යාපෘතීන් වෙත සහයෝගය ලබා දීමටත් අප එක්ව කි‍්‍රයා කල යුතුව තිබේ.
  8. ගිවිසුම්වල නෛතික වලංගු භාවය හා වාණිජමය විශ්වසනීයත්වය අප ගේ ගෞරවයට පාත‍්‍ර විය යුතු අතර අචල ප‍්‍රතිපත්තීන් හි පිහිටා කටයුතු කිරීම තුළින් රජයන් ගේ වෙනස් වීම්වලින් බලපෑමක් සාඵල්‍ය සහයෝගිතාව විෂයෙහි, විිශේෂයෙන් ම මහ පරිමාණ ව්‍යාපෘතීන් විෂයෙහි ඇති නොවන බවට වග බලාගැනීම ද අප ගේ වගකීම වේ.
  9. තෙවැනි පාර්ශ්වීය අසත්‍ය පුවත් සහ හිතාමතා ප‍්‍රචාරය කැරෙන කල්පිතයන් ප‍්‍රතිරාවය නො කිරීමත් එකී සහයෝගිතා වැඩ පිළිවෙළ පිළිබඳව ක්ෂේත‍්‍ර අධ්‍යයනයන් හි මෙන් ම විෂයමූල සාධාරණ පර්යේෂණයන් හි නිරත වීමත් මගින් දෙරටෙහි රජයන් හා ව්‍යාපාරික ප‍්‍රජාව වෙත වැඩදායක උපදෙස් හා යෝජනා ඉදිරිපත් කරමින් ස්වකීය සමාජ වගකීම ඉටු කිරීම දෙරටෙහි මාධ්‍ය සහ අධ්‍යාපන ආයතනයන් හි යුතුකම වන්නේ ය. චීන ශී‍්‍ර ලංකා සාඵල්‍ය සහයෝගිතාව පිළිබඳව වඩාත් නිවැරැුදි වූත් යථාර්ථවාදී වූත් අවබෝධයක් පොදු ජනතාව තුළ ඇති වන්නේ එපරිදි කටයුතු ක්ිරීම තුළින් පමණකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress