දෙමළ දේශපාලන පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ හේතුව ගෝඨාභය කියයි
Posted on November 2nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

දෙමළ දේශපාලන පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට සිදුවූයේ එකඟවිය හැකි කරුණු එහි ඇතුළත් නොවීම හේතුවෙන් බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට කුරුණෑගල – කටුගම්පොල ප්‍රදේශයේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම ජන රැළියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress