බුද්ධිමත්ව කටයුතු කරන්නැයි විපක්ෂ නායක, හිටපු ජනපතිනියට කියයි
Posted on November 2nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වර්තමානයේදී මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාතලේ – නාවුල ප්‍රදේශයේ අද සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, පක්ෂ තීන්දුවට එරෙහිව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඊට අදාළ අවසන් තීන්දුවට ලබන අඟහරුවාදා පස්වරුවේ රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එළඹෙන බවයි මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ හිටපු ජනාධිපතිනිය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පෙරමුණ යටතේ සන්ධානගතවීමට අදාළව ඊයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා චෝදනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කටයුත්තක හිටපු ජනාධිපතිනිය මේ වනවිට නිරතව සිටින බවයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress