ඉලංගෙයි තමිල් අරසු සහය සජිත්ට- සුමන්දිරන්
Posted on November 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පෙරවරු 9.30ට පමණ වව්නියාවේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස්වූ අතර පස්වරුවේ එහි තීරණය ප්‍රකාශයට පත් කරමින් එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ තීරණය දැනුම් දීම සඳහා පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට බලය පවරා ඇති බවයි.

පැය 7කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, හිටපු නායක ආර්. සම්බන්ධන් ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටියා.

මේ අතර, මෙම සාකච්ඡාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයට රැස්ව සිටි යුද සමයේ අතුරුදන්වූවන්ගේ සංගමයේ ඥාතීන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ දේශපාලනඥයින්ට එරෙහිව විරෝධතාවක නිරත වුණා.

දෙමළ මන්ත්‍රීවරුන් පැමිණෙන අවස්ථාවේ විරෝධතාවට එක්ව සිටි කාන්තාවක් තමා පැළද සිටි පාවහන් ගලවා ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබුණු අතර එය තවත් කාන්තාවක විසින් වළකනු ලැබුවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress