ගොටාභය රාජපක්ෂ ද ? සජිත් ප්‍රේමදාස ද ? අනුර කුමාර දිසානායක ද?
Posted on November 5th, 2019

චාර්ලස් පෙරේරා විසින්

ජනාපති ධුරයට තෝරාපත් කරගත යුතු එකම තැනැත්තා ගොටාභය රාජපක්ස මැතිතුමායි. ඔහු තමා පුම්බවාගන්න කතාකරන්නේ නැති දිය නොසැලෙන පිරුණු කලයක් වැනි පින්වත් මනුෂ්‍යයෙකි . ඔහුට මම, මම  කිය කියා පුම්බවාගනීමක් අවශ්‍ය නැත.  ඔහු  අවුරුදු විස්සක් තම ජීවිතය පරදුවට තබා  මරණයේ මුහුණ  දැක දැක ත්‍රස්තවාදීන් ට මුහුණට මුහුණ දී  වදමාරච්චි ප්‍රහාරය ආදී සටන් වලදී  ත්‍රස්තවාදීන් ට විරුද්ධව සටන් කර යුද සටනේ සටන් කීර්ති පදක්කම් ලබාගත් වීරෝධාර නායකයෙක්. 

ඔහු ජීවිතය නොතකා සටන් කලේ මේ රට වෙනුවෙන් ඔබ අපි හා අපේ දරුවන් සඳහා රටක් ත්‍රස්තවාදීන්ට බිලිවෙන්න ඉඩනොදී  අපිවෙනුවෙන් අපට නිදහසේ හුස්මගන්න පුළුවන් වාතාරණයක් ලබා දුන් නායකයෙක්.  ගොටාභය මැතිතුමා  සජිත් වගේ තමා ගැනම කතාකරන්නේ නැ, ඒ ඒක කීමට අවශය නැතියි  හිතන නිහතමානී පුද්ගලයෙක් නිසා, ඒකයි නායකයෙකු ගේ ලක්ෂණය.  

තවත් සමහරු අහන ප්‍රශ්නයක්  ගොටාභය රාජපක්ෂ මහත්මයා යුද මානසිකත්වයෙන් යුතු පුද්ගලයෙක් නිසා දේශපාලනයට ඔහු කෙසේ  සුදෙස්සෙක්විය හැකිද ?

ඔහු අවුරුදු විස්සක් යුදපිටියේ සිට,  අවුරුදු දහයක්  ඇමෙරිකාවේ නීතිවිද්‍යාලයක පරිපාලන සේවයේ යෙදී සිට,  ලංකාවට පැමිණ ආරක්ෂක ලෙකම් වශයෙන් තවත් අවුරුදු  දහයක්  සේවය කර විවිධ ශේස්ත්‍රරයන් පිළිබඳව දැනුම් සම්හාරයකින් යුතු  ජනතාවගේ  ආදරය දිනාගත් දේශපාලන පිලිබඳ අත්දැකීම්  ඇති  දේශපාලක්ඥයන්  සිටි  හොඳ බෞද්ධ පවුලක  ඉපිද හැදුන  වැඩුන  හොඳ බෞද්ධ විද්‍යාලයක අධ්‍යාපනයක් ලබා හොඳ බුද්ධිමත්  පුද්ගලයන්ගෙ ආශ්‍රයෙන් දේශපාලනය පිලිබඳ  වාද විවාදවිලින්  දාර්ශනික  දැනුමෙන් හෙබි පුද්ගලයෙක්. ඒ  නිසා ඔහු තුල දේශපාලකයකුගේ  හිස් වචනවලින් මිනිසුන් තුල සිහිනමවන මිනිසුන්ගේ හිත ගන්න කතා ගොතන හුඟක් ඝෝෂා නගන හිස් භාජනයක්  වැනි කෙනක් නොවේ. 

රුසියාවේ ජනාධිපති  ව්ලැඩිමීර් පුටින් ද  රුසියානු හමුදවේ ලෙෆ්ටිනන්ට්  කොලොනෙල්  කෙනෙක්ය. ඔහු රුසියානු රහස් සේවයේ KGB යෙ සේවය කළේය. අධිරාජ්‍ය වාදීන්  විසින් කඩා හෙලා  අගාදියට ඇද දැමීමට  සුදානම් කල  රුසියාව ආරක්ෂා කර අසීරුවෙන්  ඔසවානැවතත්   දියුණු බලවත් රාජ්‍යයක් කිරීමේ හැකියාව  ව්ලැඩිමීර් පුටින්ට  තිබුනේ  ඔහුගේ යුදයෙන් ලැබූ ආත්ම විශ්වාශය හා අධිෂ්ඨාන ශක්තිය  විය හැකිය.   ගොටාභය රාජපක්ෂ මහතාත්  එවැනි හැකියාවක් ඇති   යහපාලනයෙ අදුරධර්ශී පාලනයෙන් කඩාවැටී ආදියට වැටී සිටින රට නැවත ගොඩගෙන සෞභාග්‍යමත් රටක් කිරීමේ හැකියයාව ඇති දුරදර්ශී  ශිෂ්ට බෞද්ධ හැදීයාවකින් යුත් නායකයෙකි. .

සජිත් ප්‍රේමදාස තරුණ මදයකින් පෙලෙන බවක් පෙන්වනවා . ඔහු තමාව පුම්බාගන්නවා.  ඒක නැණවත්  පුද්ගලයෙකුගේ ලක්ෂණයක් නොවේ. ඔහු තුල නිහතමානි ගතිගුණයක් දකින්න නැ . මිනිස්සු රවට්ටන්ට බොරුවට කෑගහලා අතිශයෝක්තියෙන් තමා කරන දේ කීම තමාම වර්ණනා කිරීම  අශෝභන ක්‍රියාවක්. එයින් දකින්නේ අහන අය රැවැට්ටීමට බොරු පොරුන්දු දෙන  වගක්.  ඉතා අලංකාරික කිසිම  හරයක් හෝ දර්ශනයක් නැති කතා කීමෙන් පෙනෙන්නේ  සජිත් තුල ගැඹුරු දර්ශනයක් නොමැති බවයි . ඔහු අහිංසක මිනිස්සු රවට්ටනවා. දුර දර්ශී වැඩපිලිවේලක් ඔහුට නැ . ඔහු හිස්  කලබරකාරී චරිතයක් .   රනිල්ට ඉහලින් කවදාවත් නොයන ආත්ම විශ්වාශයක් නැති පුද්ගලයෙක් .

ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සුදුසු නැත්තේ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ  පසුතලයයි.  රනිල් වික්‍රමසිංහ  එක්සත්  ජාතික පක්ෂයේ නායකයාව හා අගමැතිව සිටින තුරු සජිත්  ප්‍රේමදාසට ඔහුගේ හිතුමනාපයේ දෙයක්  කිරීමට පුළුවන් කමක් නැත.  සජිත් ජනතාවට දෙන  පොරොන්දු කිසිවක් කිරීමට රනිල් වික්‍රමසිංහ  ඉඩ නොදෙන්නේය. රනිල්  වික්‍රමසිංහ  සජිත් ප්‍රේමදාස  ජනාධිපති  උනත්   තුට්ටුවකටවත් ගණන් නොගෙන ඔහුට  ඕනෑ විධියට කටයුතුකරනවාට අනුමානයක් නැත.  

එය අපි හොඳාකාරව දුටුවා. ජනාධිපති චන්ද්‍රිකා ගේ අගමැති වශයෙන් ඔහු ජනාධිපතිවරිය ඉන්නබවක්වත් නොතකා ත්‍රස්තවාදීන් සමග CFA ගිවිසුම අත්සන් කළේය , එයින් කෙතරම් හානියක් ද රටට සිදුවුයේ ? රනිල්  ඒ වගේමයි මයිත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමගත් කටයුතු කලෙ, තාමත් කරන්නේ.  ඒ වගේ තමයි සජිත් ප්‍රේමදාස  ජනාධිපති උනත් ඔහුට රනිල් වික්‍රමසිංහගෙන් ගැලවීමක් නෑ.

සජිත් මහාබලපුලුවන් කාර කම්  කියනවා නමුත් ඔහුගේ නියම චරිතය පෙන්වන්නේ නැ.  ඔහු රනිල්ට බයයි. තව අදවෙනකම් MCCC  ගිවිසුම ගැන  සජිත් ප්‍රේමදාස රැස්වීම්වලදී වචනයක්   කියලා නැ. ඇමෙතිවරුන්ගේ කැබිනේට්ටුවට  ඉදිරිපත්කලාම ඒ ගිවිසුමට ඉහුගේ විරුද්ධත්වයක් පලකලේ  නෑ අත ඔසවා ගිවිසුම පිළිගෙන තිබෙනවා,  එකෙන් පේනවා සජිත් බොරුවට ගිරියපුම්බාගෙන  කතාකලාට රට විකුනන්න ඔහුත් සම්මාදන්වෙනවා, ඉතින් කොහොමද ඔහු ජනාධ්පතිවීමෙන් රටා ආරක්ෂා කරයි කියා විශ්වෂකරන්නේ  ?  එබැවින් සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමට දෙන චන්දය  රනිල් වික්‍රමසිංහ ට චන්දයක් දුන්නා වගෙයි.  

අනුර කුමාර දිසානායක අවුරුදු හතරහමාරක් තිස්සේ රනිල් ව්ක්‍රමසිංහ පිටිපස්සේ ගිහිල්ලා දැන් සුදනෙක් වෙන්න හදනවා. ඒවාට මිනිස්සු රැවටෙන්නේ නැ  ඔවුන් ආගම බෞද්ධ සංස්කෘතිය ගැන කතාකරනෙවත් නැති බොරු වංචනික මාක්ස්වාදයක් පටලවාගෙන සිටින කොටසක්.  දිසානායක සන්හිදියාවට වැඩ කරන දෙමල මිනිස්සු ලන්කරගන්න  ඔනදෙයක්  පිළිගන්න සුදානනම් මිනිහෙක්. පලාලි ගුවන්තොටුපලේ නාම පුවරුවේ දෙමළෙට පළමු තැනත් සිංහලට දෙවන තැනක් දීම ගැන කතාකිරීම ජාතිවාදියයයි කීමෙන්ම පේනවා දේශපාලන බලය ලබාගැනීම සඳහා ඕනෑම දේශ ද්‍රෝහි වැඩක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් .

 ජනතා විමුක්ති  පෙරමුන මාක්ස්වාදීන්  කියාගනිමින් පසුගිය අවුරුදු හතරහමාරම  වාමාංශික  සමාජවාදී පාක්ෂිකයින්ට විරුද්ධව ධනවාදී දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල්ගේ  කඳවුරට  ආධාර  අනුග්‍රහ කරමින්  සමාජවාදීන්ට විරුද්ධව පාරලිමේන්තුවේ හා ඉන් පිට වැඩ කළා.

මාක්ස්වාදී පක්ෂයකට ජනතාවගේ  විශ්වාශය දිනාගන්න බෑ. ඒ නිසයි  රටකට මාක්ස්වාදය ගෙනහැක්කේ පරලිමෙන්තුවකින් නොව විප්ලවයකින් බව සඳහන්කරන්නෙ.   එවැනි විප්ලවයකට ශ්‍රී ලංකා සමාජය සුදානම් නැ. එබැවින් එයකළ යුත්තේ ක්‍රමානුකුලව ජනතාව ක්‍රමක්‍රමයෙන් ඊට හුරුකරවාගෙන. එකට කාලයක් ගතවෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ  රටේ තුන්වන බලවේගයක් කිරීමසඳහා  උනුත් එපා අරුනුත් එපා යන පිලිවතේ සිට  එක්සත් ජාතික පක්ෂයටටයි ශ්‍රී ලංකා මහජන පෙරමුටය් විරුද්ධව  උන් එපා අපි තෝරාගන්න කියා ගෙනගිය දෙශපාලන වැඩපිළිවෙල ජනතාව පිළිගන්තෙ නැ. ඒ ආකාරයෙන්  මහජනතාවගේ විෂවාශය දිනාගන්න බැ.  ඔවුන්ගේ මේ මාක්ස්වාදී  දර්ශනය  උඩයටිකුරු කරගෙනයන දේශපාලන බලය ලබාගැනීමට කරන උත්සාහය නිෂ්පලයි. ඔවුන් ගෙනයන දේශපාලන වැඩපිළිවෙල අනුව ඔවුන්ට කවර දාකවත් ජනතාවගේ  විශ්වාශය ලබාගන්න පුළුවන්කමක් පෙන  මානයක නැ.  එය සිහිනයකින්ම අවසන්වෙවි.

කිසිම තර්කයක් නැ අද රටට අවශ්‍ය නායකයා ගොටාභය රාජපක්ස. ඔහු ට හොඳ දැක්මක් තියෙනවා ප්‍රශ්නයක් මනුස්‍යත්වයෙන් , ප්‍රායෝගිව හා දර්ශනාත්මක විහුවයකින් බැලීමේ හැකියාවක් තියෙනවා. එතුමා මෙවර අපේ ජනාධිපති නොකලොත් ඒ අපේ හා රටේ අවාසනාවක්,අභාග්‍යයක් ඒ අපෙ රටේ විනාශයට පාර විවුර්තකරදීමක්. එබැවින් වෙන විකල්පයක් නැ ගොටභය රාජපක්ස මහතා ජනාධිපති කලයුතුමයි,  

මේ කියවන ඔබේ චන්දය මෙතුමාට දීම සඳහා  නොවැම්බර 16 වනදා පොහොට්ටුව ඉදිරියෙ කතිරය ගහන්න. එය ඔබේ දරුවන් හා ඔබේ  රටවෙනුවෙන් ඔබ කල යුතු යුතුකමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress