හිටපු ජනාධිපතිනිගේ සමුළුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ඉවතට
Posted on November 5th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු ජනාධිතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂය තීරණය කර තිබෙනවා.

එම තිරණය ගෙන ඇත්තේ අද පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරු 7.30ට පමණ ආරම්භ වුණා.

එය පැවැත්වුණේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මධ්‍යම කාරක සභාවට සහභාගී වූ පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු අනතුරුව අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress