උතුරේ ජනහද දිනු කර්නල් රත්නප්‍රියගේ සහය ගෝඨාභයට
Posted on November 7th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සදහා කැපවන බව සිවිල් ආරක්ෂක බලකායේ හිටපු උතුරු පළාත් ඒකාබද්ධ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පවසනවා.
යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ඒකාබද්ධ නිලධාරියා ලෙස කටයුතු කල ලුතිනල් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත ස්ථාන මාරුවක් ලබා පිටව ගියේ දිනයේ සිදු වූ සිදුවීම් පෙළ, සැබෑ සංහිදියාව පිලිබදව කතාකරන කිසිවෙකුටත් අමතක කල නොහැක්කක්.
අද නැවතත් තම යුතුකම ඉටු කරන්නට විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා තීරණය කර තිබෙනවා.
ඔහු ඒ බව දැනුම් දුන්නේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.