MCC ගිවිසුම ගැන ජනතාව තුල විශාල සැකයක් පවතින බව අමරපුර නිකායේ මහ නාහිමියන් කියයි
Posted on November 8th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මතභේදයට තුඩුදී ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල සැකයක් පවතින බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස නාහිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තමන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචනා කරනු ලැබූ ඇමරිකන් ආක්‍රමණය – ඵක්‍ක්‍ ගිවිසුම නම් ග්‍රන්ථය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ සිදුකෙරුණා.

ඒ, ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී.

මේ අතර, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress