ගෝඨාභයට එරෙහිව මඩ පෝස්ටර් බෙදූ, අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on November 10th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් සැකසූ අත්පත්‍රිකාවක් ‍බෙදාහරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම අත්පත්‍රිකා සමග මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින් චෝදනා කළේ අදාළ  සැකකරු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ආධාරකරුවෙකු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් සැකසූ අත්පත්‍රිකාවක් අද පෙරවරුවේ විජේරාම කලා ප්‍රදේශය සහ මිරිහාන ප්‍රදේශය ආශ්‍රිතව බෙදාහැර තිබුණා.

කෙසේ වෙතත් එම ප්‍ර දේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින් කරන ලද සෝදිසියකදී අදාළ අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයා මිරිහාන ප්‍ර දේශයේදී සොයා ගැනීමත් සමග ඇතිවුණේ මෙවන් තත්ත්වයක්.

එහිදී එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙකු එම අත්පත්‍රිකා මුද්‍රණය කරන ලද්දේ ඔහුගේ අනුදැනුම මත බව පිළිගත්තා.

පසුව මිරිහාන පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයා සහ අදාළ ලේකම්වරයා මිරිහාන පොලිසිය වෙත රැගෙන ගියා.

මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාද මිරිහාන පොලිසිය වෙත පැමිණ තිබුණා.

කෙසේ වෙතත් මිරිහාන පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු කඩිනම් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයින් පැවසීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා.

>මේ සම්බන්ධයේන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළ කලා.

කෙසේ වෙතත් මේ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ කිසිවෙකු මේ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා නොකළ බවත් එය සම්පුර්ණ අසත්‍යයක් බවත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress