ජනාධිපතිවරණය ජයගන්නේ ගෝඨාභයයි – විදෙස් මාධ්‍ය කියයි
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල අවධානයක් යොමු වී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සහ ‘ද හින්දු’ වෙබ් අඩවි වාර්තාවල දැක්වුණේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඉඩ ඇති වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්ව සිටින බවයි.

රොයිටර් පුවත් සේවයේ අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිල මත විමසුමක් පවත්වා නොමැති වූවද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජයගත හැකි වඩා ජනප්‍රිය අපේක්ෂකයා බවයි.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මන්දගාමී ගමනක නිරත බවද එහි දක්වා තිබෙනවා.

ඉන්දීය ‘ද හින්දු’ වෙබ් අඩවිය වෙනුවෙන්ද මෙරට ජනාධිපතිවරණය පිළිබඳව වාර්තාවක් සම්පාදනය වී තිබුණා.

ශක්තිමත් නායකයෙකු, යුද්ධය නිමා කිරීම සඳහා කළ මෙහෙය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි බලාපොරොත්තු තබා සිටින බව එම වාර්තාවේ සඳහන්.

දකුණු පළාතේ පිටිසරබද ප්‍රදේශ නියෝජනය කරන සජිත් ප්‍රේමදාසට සහය දක්වන ඇතැම් පිරිස් පවා ප්‍රකාශ කරන්නේ එම ප්‍රදේශවල බහුතර ජනතාවක් ගෝඨාභය රාජපක්ෂට සහය දක්වනු ඇති බව යැයිද ‘ද හින්දු’ වාර්තාවේ දැක්වෙනවා.

One Response to “ජනාධිපතිවරණය ජයගන්නේ ගෝඨාභයයි – විදෙස් මාධ්‍ය කියයි”

  1. gdesilva Says:

    What has happened in Bolivia during the past few days should ring alarm bells in the Gota’s campaign. Winning the election does not guarantee anything as it was clearly shown in Bolivia…..the CIA/MI6 will have a ‘Plan B’ ready no doubt.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress