වතු කම්කරු වැටුප රුපියල් දහසක් කරන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා ඉහළ නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

කොටගල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් කළා.

මෙම ජන හමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress