මාධ්‍යයට එරෙහි ඇමති හකීම්ගේ තර්ජන ගැන පොලිසියට අදත් පැමිණිලි
Posted on November 15th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මාධ්‍යයට එරෙහිව අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිදුකළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදත් පොලිස් මූලස්ථානයට පැමිණිලි ගොනු කෙරුණා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අඟුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට අද පෙරවරුවේ මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මාධ්‍යයට එරෙහිව සිදු කළ තර්ජනය කිරීම සම්බන්ධයෙන්.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ද අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද මාධ්‍යට එරෙහිව සිදු කෙරෙන විවිධ තර්ජන ලබලපෑම් සම්බන්ධයෙන් අදහස් පළවුණා.

මේ අතර පිවිතුරු හෙළ උරුමය පක්ෂයයේ නියෝජිතයින් අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළේ තමන් මෙතෙක් ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු අවධානයක් සිදු කර නොමැති බවට චෝදනා කරමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress