ඉතිහාසයේ සංචාරය.
Posted on November 21st, 2019

චන්දුසේන පණ්ඩිතගේ විසිනි.

සමුදුර විලෙස ඉතිහාසය රල       නැගෙන
ඒ රල නැගී මහ ගල් කුලු වෙත      වැදෙන
රලු බව බිදින සුුමටුුලුු බව මතු          කරන
යුගයක් පැමිණ ඇත වෙත මේ ලක් දෙරණ

කලු ගල් තුලින් රස මුුසුු මිහිරක්      මවපු
පෙර රජ දවස රට තුල පිරි සිරි      දැකපු
ඒ සිරි නිමව, මෙය සුර පුරයක්       කරපු
විශ්කම් පුුතුන් යලි ඉපදී නසයි          රුපු

පෙර රජ දවස මේ සමුදුර රට      රැකපු
කිපිලා, කැලඹිලා සිදුකල දේ      දැකපු
පින්බර දේවිලා රට වෙනුවෙන්    කරපු
දෑ සිහි කරව්, සුරකිව් හැම උන්     දිනපු

රට කරවන විටදි සිරිලක            මූදේවි
යලි කැලඹුණා සමුදුර පෙර හා       යාවී
ඒ කැලඹිල්ල, රට කරවපු           මූ දේවී
සිටිනට නිසි මගට යව්වා කර         පාවී

ඒ මහ රල කදම මේ රට          ගිලගත්ත
රුපු සෙන් නසපුු බව වටහා ගත     යුත්ත
රල සුන් කරපු සතුරන් මන      බැදගත්ත
හැම සුන් කලා මහ සමුදුර       වේ සත්ත

ගැමුණු කුමරු කල හැමදේ මහ රැලි සේ   නැගුණා
රුපුුරු සපුන් බල කොටු හැම නොසිතු විලස බිදුනා
බිදුනු බලය වැලද ගෙනම තව තව උන     නැගුණා
නැගුණ එවුන් යලි නොඑන්න මිහිතල තුල මැකුණා

අලු මතින් පිඹිදෙන කුරුල්ලා නැගී එනවා    දරුවනේ
රටම උයනක සිරිය සමගින් මතුවෙනා බව ඇන් දැනේ
සිතේ පැවතුන අසිරිමත් ලොව වැලද ගන්නට අද දිනේ
නැගිටපල්ලා නැගිටපල්ලා අවිදු දුරලා          දරුවනේ

චන්දුසේන පණ්ඩිතගේ විසිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress