සජිත් පිලේ චෝදනා වලට රනිල්ගෙන් පිළිතුරු – සිරිකොත ඉදිරිපිට උපවාසය තවදුරටත්
Posted on November 22nd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පැවති ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට ස්තූතිය පළ කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියා.

එම අවස්ථාවට පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ද එක්වුණා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබලෙකු අද උදෑසන 5 සිට සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය ලබා දීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතු බවටයි උපවාසයේ නිරත විරෝධතාකරු ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් තමන්ට බලපෑම් එල්ල වූ බව ද ඔහු හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් කියා සිටියා.<

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress