දේශපාලන බලපෑම් මත,ආන්දෝලනාත්මක ලෙස සී.අයි.ඩි විමර්ශන මෙහෙය වූ, නිශාන්ත ද සිල්වා, දරු පවුල ද සමඟ රටින් පනී
Posted on November 24th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ ආන්දෝලනාත්මක පරීක්ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අද සිය දරු පවුල ද සමඟ හොර රහසේම ස්විට්සර්ලන්තය බලා පළා ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ ඔහු සිය බිරිඳ සහ දරුවන් තුන් දෙනා සමඟ දහවල් 12.50ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ. 0065 දරණ යානයෙන් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පසුගිය රජය සමයේ දේශපාලනික වුවමනා මත ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් පිළිබදව පරීක්ෂණ සිදුකළා.

එහිදී ඔවුන්ට පාර්ශව රැසකින් චෝදනා එල්ල වූයේ ඒකපාර්ශවික ලෙස දේශපාලන වුවමනා මත එම පරීක්ෂණ සිදුකළ බවටයි.  

කෙසේ වෙතත්, ඔවුන්ට එරෙහිව විවිධ චෝදනා ද එල්ල වී ඇති අවධියකයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මෙලෙස අද හොර රහසේම විදෙස් ගත වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමකදී ඔහු සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ අවසරයකින් තොරව ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරු කර යැවීමටයි පොලිස් කොමිසම කටයුතු කරනු ලැබුවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress