ශානි අබේසේකරට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – මැඩිල්ලේ හිමි
Posted on November 24th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සිංහලේ සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විදෙස්ගතවීමේ සූදානමක් ඇති බැවින් එය වළැක්වීමට කටයුතු කරන ලෙස නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

කළුතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, තවත් පාර්ශ්ව කිහිපයක් මේ පිළිබඳ අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress