මාවනැල්ලේ කුඹුරු, ගොඩ ඉඩම් වෙන හැටි
Posted on November 29th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මාවනැල්ල නගරය අවට පවතින කුඹුරු ඉඩම් ගොඩ ඉඩම්බවට පත් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් හිරු සී.අයි.ඒ.අනාවරණ කර ගත්තා.

පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ව්‍යාපාරික හිතවතුන් පිරිසක් සිදුකරන මෙම නීති විරෝධී ක්‍රියාවලියට රාජ්‍ය නිලධාරීන් ද සෘජු දායකත්වය ලබාදී තිබෙනවා.

පසුගිය රජය සමයේ ආරම්භ කර ඇති කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත් කර විකුණන මෙම ජාවාරම හරහා මේ වනවිටත් මාවනැල්ල නගරය අවට ඉඩම් රැසක් වෙන්දේසි කර අවසන්

මෙම ජාවාරම සදහා බැමිණියවත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හිටපු උසස් නිලධාරියෙකු ඇතුළු සේවකයන් කිහිපදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇති බවයි

මාවනැල්ල කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ජාවාරම සොයා ගිය හිරු සී.අයි.ඒ.කණ්ඩායම දැක ගත හැකිවුයේ මේ වනවිට මාවනැල්ල සුසාන භූමිය ඉදිරිපිට විශාල කුඹුරක්ද ජාවාරම්කරුවන් විසින් මේ වන විට ගොඩකරමින් පවතින බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress