තම දරුවන් දෙදෙනා පාසලේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වන බවට පියෙකුගෙන් චෝදනාවක් –
Posted on November 30th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

හෙම්මාතගම, මඩුල්බෝව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවන් දෙදෙනා පාසල තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වන බවට එම දරුවන්ගේ පියා චෝදනා කරනවා.

ඔහු පවසන්නේ බලධාරීන් දැනුවත් කර තිබුණද මෙතෙක් ඊට නිසි විසඳුමක් නොලැබුණු බවයි.

දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් මෙම නිවස පිහිටා තිබෙන්නේ හෙම්මාතගම, දෙල්ගහදෙණිය ගම්මානයේයි.

මේ වන විටත් දරුවන් දෙදෙනෙකු හෙම්මාතගමල මඩුල්බෝවල මුස්ලිම් විද්‍යාලයේ සිය අධ්‍යාපන කටයුතු සිදුකරන අතර ඔවුන් ක්‍රීඩා කටයුතු සඳහා ද දක්ෂතා දැක්වුවන් බව දැරියන්ගේ පියා පවසනවා.

කෙසේ වෙතත් ඔහු පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දක්වමින් දේශපාලන කටයුතුවල නිරතවීම හේතුවෙන් තම දරුවන්ට පාසල් කාලය තුළදී පාසලේ ගුරුවරුන්ගෙන් සහ ප්‍රදේශයේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් සිදුවන බවයි.

එම්.ආර්.එම් අසාම් නැමැති මෙම පියා මුස්ලිම් ජාතිකයෙක් වන අතර මොහු තම දරුවන් පෝෂණය කරනු ලබන්නේ කුලී වැඩ කරමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress