සාවද්‍ය සාක්ෂි රැස් කරමින් රණවිරුවන් සිරගත කළ සියලූදෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සුදත්ත හිමියන් කියයි
Posted on November 30th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

සාවද්‍ය සාක්ෂි රැස් කරමින් රණවිරුවන් සිරගත කළ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම, පසුගිය රජයේ සිට ඊට උපදෙස් ලබා දුන් දේශපාලනඥයින්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නව සිංහල රාවය සංවිධානය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියා.

මේ අතර, හිරු මාධ්‍ය ජාලයට එරෙහිව සිදුකළ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම පිලිබඳව ද අද කැඳවා තිබූ මාධ්‍ය හමුවලදී අදහස් පළ වුණා.  

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ මසක් ගතව ඇතත්, විමර්ශන නිසි පරිදි සිදුව නොමැති බවයි.

එමෙන්ම, මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ප්‍රකාශ කළේ සාක්ෂි සහිතව හිරු මාධ්‍ය ජාලය විසින් පැමිණිලි සිදුකළත් මෙතෙක් නීතිය ඉටු වී නොමැති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress