කාදිනල්තුමා – පැණිවරකා ගහට හෙණ වැදීම
Posted on December 12th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D.

God, grant me the serenity to accept the things I cannot change,
Courage to change the things I can,
And wisdom to know the difference.
         Serenity Prayer – Reinhold Niebuhr (1892–1971).

‭දෙවියනි, වෙනස් (චේන්ජ්) කල නොහැකි දේවල් එලෙස භාර ගැනීමට අවශ්‍ය උපශාන්ත භාවයත්, වෙනස්කල හැකිදේ වෙනස් කිරීමට අවශ්‍යධෛර්යයත්, ඒ දෙක අතර වෙනස (ඩිෆරන්ස්) දැනගැනීමට අවශ්‍ය ප්‍රඥාවත් මට ලබාදෙනු මැනව.

කාදිනල්තුමා විසින් නොබෝදා රුහුණු සරසවියේ උපාධි ප්‍රදාන උත්සවයේදී කල දේශණයක් ගැන ඇසූ මගේ මතකයට ආවේ පැණිවරකා ගහට හෙණ වැදුනා වගේ යන කියමනය. ඊට හේතුව එතුමා කැළෑව වෙනුවට ගස් දැක්දැක්කාද  (මිස් ද ෆොරස්ට් ෆෝ ද ට්‍රීස්) කියා සැකයක් මතුවීමය. එතුමාගේ දේශණයේදී සඳහන් කල, පූජ්‍ය/පූජක වරු දේශපාලනයේ නොයෙලිය යුතුය යන අදහස, පාස්කු ප්‍රහාරයට බොහෝ කලකට පෙර එතුමා විසින් කල, මුළු රටම ලංකාවේ තිබෙන සිංහල බෞද්ද්ධ පදනම පිළිගත යුතුය යන අදහස සමඟ ගැටෙනවා නොවේද යන්න මට ප්‍රශ්ණයක් වුනේ, මෙම දෙවන අදහස ඓතිහාසික ප්‍රකාශයක්සේ මා සැළකූ නිසාය. 1551 දී දොන් ජුවන් ධර්‍මපාල, ලංකාවේ එකම හා අන්තිම ක්‍රිස්තියානි රජුවූවාට පසුව, ලංකාවේ කතෝලික පල්ලි සවිධානයේ නායකතුමා විසින් 2017/18 දී කල මේ ප්‍රසිද්ද්ධ ප්‍රකාශය මුළු ලෝකයේම  විශේෂ සිදුවීමකි. පෝප් ජෝන් පෝල් හා පෝප් ෆ්‌රැන්සිස් විසින් මෑතකදී ජන කොට්ඨාශ වලින් සමාව ඉල්ලු අවස්ථා කීපයක්ම ඇතත් මෙය ඒවාට වඩා වෙනස් ක්‍රියාවකි. පෘතුගීසීන් ලංකාවට ඇවිත් අවුරුදු 500 ක් ගතවීමේ උත්සවයක් පෘතුගාල අගමැති ගෙන්‌වා ගෙන පැවැත්‌වීමට අගමැති රනිල් ඒ කාලයේ බලාගෙන සිටියේ අසවේදුලාගේ කෲරකම් අමතක කරදමාය. ඔවුන්ගේ කෲර ක්‍රියා නිසා ඊට දඬුවම් වශයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට ලංකාව අහිමිකලා යයි පෘතුගීසි පූජකතුමෙක් ලියුවේය.

2019 පෙබරවාරි8 දින මා විසින් සිංහල බෞද්ද්ධ නායකයින්ගේ හැසිරීම විග්‍රහ කරමින් ලියූ ලිපියක ආරම්භක කොටසක්‌ මෙසේය:  [— සංහිඳියාව-යහපාලනය-ලිච්චවි ක්‍රමය-ඔරුමිත්තනාඩු යනාදී බේගල් වලින් හෙම්බත්‌ව සිටිනා රටකට, විශේෂයෙන් සිංහල බෞද්ද්ධයින්ට, මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් මෑතදී කරණ ප්‍රකාශ හරියට කණට මීපැණි දමනවා වගේය. 1505 න් පසුව, ප්‍රථම වරට, ලංකාවේ සිංහල බෞද්ද්ධ පදනම ප්‍රසිද්ධියේ පිළිගත් ක්‍රිස්තියානි ආගමික නායකයා එතුමාය. උතුරු නැඟෙනහිර ප්‍රශ්ණය [ඔරුමිත්තනාඩු?] ව්‍යවස්ථා නීති මඟින් නොව හදවතෙන් විසඳාගත යුතුයයි පවසන එතුමා පාසැල්වල සිංහල හා දෙමළ ඉගැන්‌වීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. සිංහල ස්ත්‍රීන් දෙන්නෙක් විවාහ කරගත් විග්නේෂ්වරන්ගේ පුත්තු දෙන්නා සිංහල දන්නවාද යන්න කෙසේ වෙතත්, පෙඩරල් බෙදුම්වාදයේ පප්පා ලෙස සැළකෙන චෙල්වනායගම්ගේත්, ඔහුගේ දෙමළ රාජ්‍ය පක්‍ෂයේ අනිකුත් නායකයින්ගේ දූ දරුවන්ටත් සිංහල ටියුෂන් ලබාදුන් බව නම් රහසක් නොවේ.

අඩුකුලවල දෙමළ තරුණ-තරුණියින්ට සයනයිඩ් කරල් දී, ප්‍රභාකරන් ඇතුළු අයගේ දරුවන් පිටරට යවා ඉගැන්‌වීම, ජේවීපී නායකයින් කොළඹ පුද්ගලික/ජාත්‍යන්තර පාසැල්වලට තම දරුවන් යැවීමට වඩා බරපතලය. යාපනයේ එකම සිංහල පාසැල පවා පෙඩරල්කාරයින්ට හිසරදයක් විය. දකුණේ දෙමළ නිලධාරීන්ට සිංහල ඉගෙන ගැනීම සඳහා නොමිලේ පන්ති හා පඩි සහිත නිවාඩු රජයෙන් සපයන ලදී. එහෙත් බාලා තම්පෝ වැනි වෘත්තීය සමිති නායකයින් කලේ ඒවා කඩාකප්පල් කිරීමට අනුබල දීමය. අදවන විට නෝර්වේ වැනි රටවල ඒ රටවල භාෂාව ඉගෙනගනිමින් පාරවල් අතුගාන, හෝටල්වල, කුස්සිවල වැඩකරණ ලංකාවෙන් ගිය දෙමළ ජනයා තම්පෝලාට, චෙල්වනායගම්ලාට ශාප කල යුතුය.

ලංකාවේ සිංහල බෞද්ද්ධ පදනම මුළු රටම පිළිගතයුතුයයි කාදිනල්තුමා කල ප්‍රකාශය, දැනට හැත්තා වයස්‌වල ඉන්නා චන්ද්‍රිකා නෝනාටත්, බුද්ද්ධ ප්‍රතිමා නුරුස්සන රෝසි සේනානායක කොළඹ නගරාධිපතිනියටත්, දයාන් ජයතිලක ඇතුළු පරණ හා අළුත් මාක්ස්වාදීන්ටත් දුන් අවවාදයකි. මාක්ස්වාදී ඇන් ඇම්ලා දළදා මාළිගාවට මල්වට්ටි අරන් යෑම දකින්නට 1964 තෙක් අවුරුදු 30 ක්ම බලා සිටින්නට සිදුවිය. විමල් වීරවංශ, සෝමවංශ අමරසිංහ යන අය ප්‍රමාදවී හෝ ජේවීපිය අතහැරියේදමේ නිසාය. මාලේවන ධර්‍මවිජය හිමි නමින් දැන් මහණව ඉන්නේ, 1971 දී ජේවීපී නායකයෙක්ව සිටි, දිගුකාලයක් අනාගාරික ධර්‍මශේඛරතුමා වශයෙන් රටට සේවය කල තැනැත්තාය.

පක්‍ෂ දේශපාලකයින්, යහපාලනකාරයින්, විදේශික බලවේග, ක්‍රිස්තියානි හා ශාරියා මූලධ‌‌ර්‌මවාදීන්, හා එන්‌ජී‌ඕ‌ ඩොලර් නඩ ‌ලංකාවේ බුද්ද්ධ ශාසනයට වටකරගෙන පහර දෙන අවධියක කාදිනල්තුමා ඉදිරියට ඒම සිංහල බෞද්ද්ධ ජනයා බෙහෙවින්ම අගය කලේය. එතුමා ඔවුන්ට පැණිවරකා ගහක් වැනි වූයේ 1880 දී කර්‌නල් ඕල්කොට් ගාල්ලෙන් ගොඩබට කාලය සිහිපත් කරවමිනි. ලෝකයේ ප්‍රථම සුදු බෞද්ද්ධයා ඒකාලයේදී සුද්දන්ට හිසරදයක් වූ අන්දමටම කාදිනල්තුමා 1978 න් පසු උදාවු අබුද්දස්ස කාලයේ අගවන 2018/19 වර්‌ෂ වලදී කළුසුද්දන්ට වාතයක්‌වූ බව නිසැකය. ඇත්තවශයෙන් සිතනවිට, පාස්කු ප්‍රහාර කුමණ්ත්‍රනය හෝටල් වලට එල්ලවූයේ සුද්දන් මරා සංචාරක ව්‍යාපාරය බකල් කිරීමට නම් එය පල්ලියට එල්ලවූයේ කාදිනල්තුමා බෞද්ද්ධයින්ට කඩේ යනවා යන මතයක් නිසාය කියාද අනුමාණකල හැකිය. 

කාදිනල්තුමාගේ මේ ප්‍රකාශ වැදගත් වන්නේ කතෝලික පල්ලිය දෙමළ බෙදුම්වාදීන්ට පක්‍ෂව සිටිනවා යන මතයක්ද රටේ පැවති නිසාය. අගමැති රනිල්ගේ මහප්පාවන ලක්‍ෂ්මන් වික්‍රමසිංහ ක්‍රිස්තියානි (කතෝලික නොව) පාදිලිතුමා චෙල්වනායම් දෙමළ මෝසස් යයි ඔහුගේ මළගෙදරදී කියා සිටියේය. මැලේසියාවෙන් පැමිණි චෙල්වනායගම්, දකුණු ඉන්දියානු ක්‍රිස්තියානි පල්ලියට අයත් වුණා පමණක් නොව, කොළඹ සිටි පෙඩරල් පක්‍ෂයේ බොහෝ නායකයින්ද ක්‍රිස්තියානීන් විය—.]

කාදිනල්තුමා තම මූලික අදහස් ඒ අන්දමටම පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිෂම ඉදිරියේද ඊයේ පෙරේදා කියා සිටියේය. ගුරුකන්ද විහාරයේ අදාහන පෙරහැරට ගල් ගැසීමට ගිය පෙලපාලියේ ක්‍රිස්තියානි පූජකයින්ද සිටීමෙන් පෙනීයන්නේ යම් කතෝලික නොවන මූලධ‌‌ර්‌මවාදී  නිකායික ක්‍රිස්තියානි පූජකයින් තාමත් බුදු හාමුදුරුවෝ කියන්නේ යක්‍ෂයෙක් යන මතයේ සිටින බවය. මේ යක්‍ෂ කතාව මා ඇසුවේ කඳුල වැඩසටහනේ බ්‍රදර් චාල්ස් තෝමස්ගේ, ලහිරුටීවි ඉන්ටර්විව් එකෙනි. එහිදී චාල්ස් තෝමස් කියූ තවත් කරුණක් නම් ආගමික නායකයින්ට සමහර අවස්ථාවලදී දේශපාලනයට සහභාගී වීමට සිදුවන බවය.

කාදිනල්තුමා රුහුණු සරසවියේදී නොබෝදා ප්‍රකාශකලේ පූජ්‍ය/පූජකවරු දේශපාලනයෙන් වැළකී සිටිය යුතුය යනුවෙනි. පූජ්‍ය යනුවෙන් හාමුදුරුවරුත්, පූජක වශයෙන් විධිමත් ආගමික සංවිධානවලට අයත් පියතුමන්, පාස්ටර්‍වරු හා මවිලවිවරුත් එතුමා අදහස් කලා වියයුතුය. උදාහරණයක් වශයෙන් යූ‌එන්‌පී භාණ්ඩාගාරික එරන් වික්‍රමරත්න, මූලධ‌ර්‌මවාදී පල්ලි 200ක පමණ නායක පාස්ටර්‍වරයාය. හාමුදුරුවරුන්ගේ පූජ්‍ය ත‌ත්‌වයට එක් හේතුවක් නම් ලොව වෙන කිසිම ආගමික සම්ප්‍රදායක, මහණවී සිවුරු දැරීමට පෙර පුතා දෙමව්පියන්ට වැඳීමත්, ඉන් මිනිත්තු කීපයකට පසු අළුත් සාමනේර හිමියන්ට දෙමාපියන් විසින් වැඳීමත් සිදු නොවීමය. දැන් අවලංගුකාසියක්‌වී සිටින පින්සිරි සමරවීරට අනුව නම් මේ අය හතර කේන්දරේ පාළුවූ වැලේවැල් නැති පවුල්වල දරුවන්‌ය!

මෙහිදී වැදගත් දෙයක් නම් පූජකවරුද රහසිගත ලෙස තම පල්ලි තුල දේශපාලනය කරනා බවය. එරන් වික්‍රමරත්න ඇමතිවරයෙක්ද විය. හාමුදුරුවරු එය එලිපිටම කරන්නේය. දඹර අමිල වැනි හිමිලා එය ජරාවටම කරන්නේ සංඝාධිකරණයක් තිබෙනවා නම් සිවුරු ගලවා දමන මට්ටමටය. සංක්‍යාණ විද්‍යාවේදී කතාකරණ නෝමල් කර්ව් (බෙල් කර්ව්) එකෙන් පෙන්වන්නේ හාමුදුරුවරුන්ගේ පමණක් නොව ඕනෑම මිනිස් සමාජ සංවිධානයක (පොලිසිය, ගිනිනිවන හමුදාව, දොස්තරලා, නීතීඥයින්, බස් ඩ්‍රය්වර්ලා, ගුරුවරු, වෘත්තිය සමිති) ඉතා හොඳ හා ඉතා නරක අය යන අන්ත දෙකක් තිබෙන බවත්, ඒ දෙක මැද සෙසු ගිහි-පැවිදි-පූජක පෘතග්ජන පංචස්කන්‌ධ සිටිනා බවය. රංජන් රාමනායක කලේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට අනුව මෙහි නරක අන්තය අල්ලාගෙන, එක මකුණයි ළමයෝ කන්නේ, ඇයි ඔක්කොම මකුණො මරන්නේ යන සිංදුව මතක්කර දීමය.

1799 කාලයේදී නෝත් ආණ්ඩුකාරයාගේ සිට ජපනුන් විසින් 1942 අප්‍රියෙල් 5 පාස්කු ඉරිදා කොළඹට බෝම්බ දැමීම දක්වා ඉතිහාසය විමසා බැලීමේදී මට පෙනීගියේ නෝත් දුටු පන්සල හා ගැමියා අතර තිබූ ගහට පොත්ත වැනි බැඳීම ලංකාවේ යුද ආඥාධිපතියාව සිටි අද්මිරාල් ලේටන් ද දැන සිටි බවය. ඇමෙරිකාවේ රූසවෙල්ට් ජනාධිපති එරට සිටි ජපන් ජාතිකයින් අවතැන්කර කඳවුරුවල හිර අඩස්ස්සියේ තැබුවා වැනිම ප්ලෑනක් ලංකාවේ හාමුදුරුවරුන් එකතුකර ගාල්කරන්නට ලේටන් විසින් පිලියෙල කලේ ජපනුන් ලංකාවට ගොඩබැස්සොත් හාමුදුරුවරු ජපනුන්ගේ පැත්ත ගනීවි යන බිය නිසාය. මෙය සුබාස් චන්ද්‍රබෝෂ්ගේ ඉන්දියන් නැෂනල් හමුදාව ජපන් ආධාර ඇතිව ඉන්දියාවට ඇතුළුවේ යයි තිබූ බයට සමානය.

මේ නිසාත්, යහපාලනකාරයින් විසින් 2015 සිට දිගට හරහට සිවුරු හා පන්සල් දඩයමක් ආරම්භ කිරීමත් නිසා, ගතානුගතික යුරෝපීකරණයවූ අය ලියූ ලංකා ඉතිහාස කතාව, අළුත් කෝණයකින්, එනම් එය පන්සල හා පාලකයා අතර ඇතිවූ ගැටුමේ කතාවක් ලෙස විමසා බැලීමට මට සිතුණි. ලංකාවේ හාමුදුරුවරුන්ට මුරදේවතාවුන් කියන්නේ කුමක්නිසාද යන්න මට වැටහුණේ ඉන් පසුවය. ස්‌ටැන්ලි තම්බයියා, ගනනාත් ඔබේසේකර, එ‌එල් සෙනෙවිරත්න වැන්නන් ත්‍රිපිටකය හා පන්සල පටලවා ගෙන ඇත්තේ මේ අන්දමට ඉතිහාසය දෙස නොබැලීම නිසා නොවේද කියා මට සිතුණි. ඔහුගේ, ද වර්ක් ඔෆ් කින්ස් (1999), යන පොතේ රජුන්ගේ වැඩ වලට හාමුදුරුවරු හොට නොදැමිය යුතුයයි (ඇඟිලි නොගැසිය යුතුයයි) ගැමියා ලවා එ‌ච් එ‌‌‌ල් ලොවට කියයි. මීට හේතුව ඔහු මාක්ස්වාදියෙක් වීමම නොව, ලංකාවේ ඉතිහාසය 1815 සිට නොව දුටුගැමුණු-වළගම්බා කාලයේ සිටම පණගන්වා ඇත්තේ පන්සල විසින් බව ඔහුට නොවැටහීමය.

මෙය සිදුවූයේ උතුරු ඉන්දියා සමය 1 & 2, දකුණු ඉන්දියා සමය 1 & 2, (ජී සී මෙන්ඩිස්), පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගය, නිදහස් යුගය (හොරස් පෙරේරා) යනාදි වශයෙන් ඉතිහාසය බෙදා ලියූ කළුසුද්දන් විසින් ඔහුවත් අප සැමදෙනාවත් අප නොදැනම ලංකා ඉතිහාසයේ හිරකාරයින් කිරීමය. දුටුගැමුණු-වළගම්බා කාලයේ සිට පන්සල රජුන් රකින්නා, රජුන් තනන්නා, රට සදන්නා යන කාරිය ඉෂ්ට කලේ, ගම-වැව-දාගැබ යන යන සමාජ-ආර්ථික ත්‍රිත්‌වය යටතේය. එදාත්, අදත් ගම්වල පන්සල් ස්වාධීන, ස්වෛරී ඒකක මිස යම් යෝධ සංවිධානයක ලෝකල් ශාඛා නොවීය.

ඉතිහාසය වනාහි මෙසේ පාලක-පන්සල අතර පැවති නිරන්තර අරගලයක් ලෙස සළකන විට එහි අවස්ථා/අවධි පැහැදිලිව මතුවී පෙනේ. මේ එක් එක් කාලයේ/අවධියේ අදාල පසුබිම අනුව පහලවූ හාමුදුරුනමක් හෝ කිහිපනමක් හෝ සිටීමද විශේෂ කරුණකි. උදාහරණ වශයෙන් මෙහි පහතින් දැක්‌වෙන්නේ දැනට මට ඇති සීමිත දැණුමට අනුව හඳුනාගත් අවධිය:

1 – බුද්ධාගම කියන්නේ බොරුවක් යයි පැවසුණු අවධිය, 1798-1873 (වාරියපොළ සුමංගල/මිගෙට්ටුවත්තේ ගුණානන්ද)
2 – බුද්ධාගම පණ අදිමින් සිටි අවධිය, 1840–> (වලානේ සිරි සිද්ධාර්‍ථ)
3 -ඕල්කොට්-අනාගාරික ධර්‍මපාල අවධිය, 1880-1915–> (හික්කඩුවේ ශ්‍රී සුමංගල)
4 -ඩොනමෝර් අවධිය 1931-48, විද්‍යෝදය සමාජ සේවය (කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර)
5 – විද්‍යාලංකාර සේවය 1946–>විද්‍යාලංකාර ප්‍රකාශණය/භික්‍ෂුවගේ උරුමය
(යක්කඩුවේ ප්‍රඥාරාම/වල්පොල රාහුල)
6 – පංච මහා බලවේගය 1956-59 (හේන්පිටගෙදර ඥානසීහ/බද්දේගම විමලවංශ/කොටගම වාචිස්සර/කලල්‌ඇල්ලේ ආනන්දසාගර)
7 – අඳුරු යුගය- 1960-1978 පෙඩරල්කාරයින් බලවත්‌වීම හා නිල් කොල රතු පක්‍ෂ මාරුවෙන් මාරුවට බෞද්ද්ධයින් රැවටීම
8 – අධර්මිෂ්ඨ සමාජය 1978–2005 (මාදුළුවාවේ සෝභිත, ගැටඹේ පන්සලේ හාමුදුරුවෝ)
9 – සෝම හාමුදුරුවන්ගේ භූමිකාව; සිංහල බෞද්ද්ධ පුනර්ජීවනය- 2000-2003
10 – පිරිත් නූල් කඹ යුගය 2004-2010 (ඇල්ලේ ගුණවංශ/අතුරැලියේ රතන)
ජාතික හෙල උරුමය
11 – සර්‌වාගමික-බහුජාතික මතවාදය-සිවුර දඩයම් කල අවධිය 2010-2019 (ගලබොඩ‌අත්තේ ඥානසාර, බොදු බල සේනාව 2012 මැයි; අස්ගිරි ප්‍රකාශණය 2017 ජූනි 20; අස්ගිරි නිවේදනය 2017 ජූලි 4)
12 – සුළු ජාතිකයින්ට මහජාතිය පාවාදීම පරාජය කිරීම (2020–>සිව්දිගින් මතුවූ සිවුරේ අධිෂ්ඨානය)

(අස්ගිරි විප්ලවය යන ලිපියේ මෙම අවධි පිළිඹදව දීර්‍ග වශයෙන් විස්තර කර ඇත. එය කියවීමට පහත ලින්ක් එකට යන්න).

මෙහිදී කාදිනල්තුමාට ඇතිවිය හැකි ගැටළුවක් වන්නේ අනාදිමත් කාලයක සිට ලංකාවේ බෞද්ද්ධ පදනම ගොඩනැඟුනේ මෙසේ කාලයෙන් කාලයට රටේ හාමුදුරුවරුන් මැදිහත්‌ව, අඛන්ඩව කරණ ලද පරිශ්‍රමය නිසා වීමය. ඒ නිසා පූජ්‍ය පක්‍ෂය දේශපාලනයෙන් ඉවත්‌විය යුතුය කීමෙන් සිදුවන්නේ රටේ බෞද්ද්ධ පදනමේ අත්තිවාරමට අයිතිකාරයෙක් නැති කිරීමය. බෞද්ද්ධ පදනමට ඔක්‍ෂිජන් අහිමි කිරීමය. ප්‍රභාකරන්ගේ, ස්ටැන්ලි තම්බයියාලාගේ, සෙනෙවිරත්නලාගේ, දයාන් ජයතිලකලාගේ, රෝසි-චන්ද්‍රිකාලාගේ මහාවංශ විරෝධී ව්‍යාපාරයට නොසිතා, නොදැනම යම් තල්ලුවක් දීමය. බහුජාතික-බහුාගමිකකාරයින් අතවැනීමය.

කාදිනල්තුමා කියයුතුව තිබුණේ හාමුදුරුවරු පක්‍ෂ දේශපාලනයෙන් වැලකිය යුතුය යන්නය. ධ‌ර්‌මපාලතුමාව රටින් එලවාගත් අය ඉන් පසු ක්‍රියාකාරී හාමුදුරුවරුන්ට පොලිටිකල් මන්ක්ස් යයි නමක් පටබැන්ඳේය. යක්කඩුවේ ප්‍රඥාසාර හිමිඳුන් මේ ගැන ඩී‌එස්‌ට හොඳ උත්තරයක් දුන්නේය. පසුව මේ ඩී‌එස්‌ම හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්ගෙන් චන්දයට උදව් ලබාගත්තේය. කැඩිච්ච සිංහලෙන් කතා කල බොහෝ ඩොනමෝර් බෞද්ද්ධයින් 1931 සිට චන්ද සඳහා ගමේ හාමුදුරුවරුන් පස්සේ ගියේය.

හාමුදුරුවරු දේශපාලනය නොකලයුතුයැයි කෑගසන පිරිස්ම සිවුර පස්සේ යාමට හොඳම උදාහරණය 2014 දී මාදුළුවාවේ සෝභිත හිමියන් රවටා අතරමංකිරීම නොවේද? 2019 චන්දයෙන් වංක, දේශ ද්‍රෝහී යහපාලනකාරයින් පරාද කලේ රටේ හාමුදුරුවරු නොවේද? මේ යුද්ද්ධය නම් කවදාවත්ම දිනන්න බෑ යන මතය මිථ්‍යාවක් කර සිංහල ජනතාව මානසික වශයෙන් සන්නද්ධ කලේ ඇල්ලේ ගුණවංශ, අතුරැලියේ රතන, ගලබොඩ‌අත්තේ ඥානසාර වැනි හිමිවරු නොවේද? රට මුදාගැනීමේ සටනේදී තමන් නොකලේ ආයුධ අතට නොගැනීම පමණක් යයි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ පවසයි. 2019 දී හාමුදුරුවරු පරාජයකල තවත් මිථ්‍යාවක් නම් සුළු ජාතික චන්ද නැතිව ජනාධිපතිට දිනන්න බෑ යන්නය.

ඩී එස්-ඩී බී ජයතිලක වැනි අය විසින්, සුද්දන්ගේ අල්ල සිපගන්නවා වෙනුවට හා පොන්නම්බලම්ලාට බය නොවී අනුගමණය කල හැකි, ඉතාමත් සාර්‍ථකවූ ජාතික ව්‍යාපාරයක් 1940 දී ලංකාවේ ව්‍යාප්තවෙමින් පැවති නමුත් ඔවුන් දෙන්නා සුද්දන් හා එක්ව එය කඩාකප්පල්කර දැමුවේය. මැලේරියා ලෙඩ්ඩුන්ට කොළඹින් ගෙනගොස් බඩු බෙදාදුන් මාක්ස්වාදීන්ටද එය වහකඳුරුසේ විය. ලංකාවේත් හෝචිමින් කෙනෙක්, චේගුවේරා කෙනෙක් සිටියා නම් ඔවුන් කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ගේ එම අපරාධ මර්‍ධන හා ග්‍රාම ප්‍රතිසංස්කරණය නම් වැඩසටහන හා එක්වනු නිසැකය. කරුණු 200 කින් සංයුක්තවූ එය අද ගම් අල්ලාගෙන නටන එහෙත් ගම පක්‍ෂ පාට අනුව බෙදා ඇති දේශපාලක හොරුන්ට ලියූ මාර්‍ගදේශකයක් වැනිය. අද ලංකාවේ ඇති ඔරුමිත්තනාඩු කලබගෑණියට විසඳුමද ඒ ව්‍යාපාරයමය. දේශපාලක හොරුන් නොව, ගම් මට්ටමෙන් ජනයා බලවත් කලහැකි එලෙසය.  ධර්‌මපාලතුමාගේ ආභාශය ලැබූ කළුකොඳයාවේ හිමිඳුන් කියා සිටියේ පන්සල්වල සිට බණ කියනවාට වඩා සමාජ සේවයක් කිරීමට හාමුදුරුවරු බැඳී සිටිනා බවය.  ශ්‍රී පාලිය සැදූ විල්මට් පෙරේරා විසින් පානදුරේ හොරණද මෙවැනිම ව්‍යාපාරයක් ආරම්භකලත් එය අසාර්‍ථක විය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී යහපාලන රොඩු කුණුකන්දල් සෝදාදමා තුනෙන් දෙකකට වැඩි ආසන සංඛ්‍යාවක් ජනාධිපති ගෝඨාභයට ලබා දීමේ ජාතික මෙහෙවරට කර ගහන්නේ කවරෙක්ද යන්නට කාදිනල්තුමාගේ පිලිතුර කුමක් විය හැකිද? ඒ සඳහා ඉහත සඳහන් උපශාන්ත යාඥාව අනුගමණය කරන්නට යයි හාමුදුරුවරුන්ට කියන්නට පුළුවන්ද? ජාතියේ මුරදේවතාවුන් යන සංකල්පය හා එය නොපෑහේ. පොලොන්නරුවේ ශිව දේවාල යට හමුවූයේ බෞද්ද්ධ විහාර නටබුන්‌ය. අයෝධ්‍යාවේ රාම-බැබ්‍රි හින්දු-පල්ලි ගැටුමේදී ඒ යට තිබී හමුවූයේ බෞද්ද්ධ නටබුන්‌ය. මක්කම ගල යට තිබෙන්නේ ශ්‍රීපාදය කියා මතයක් තිබෙන්නේ මකුලාගම යන අරාබි නගරය ගැන බෞද්ද්ධ සාහිත්‍යයේ සඳහන් වන නිසාය. කුරගල, දෙවනගල, මුහුදු මහා විහාරයේ, ගුරුකන්ද විහාරයේ, මඩකලපුව මංගලාරාමයේ, මුලතිව් නයාරු විහාරයේ ප්‍රශ්ණවලට නව ගුන වැල ගැන ගැන ඉඳීම සෙරනිටි ප්‍රේයර් එකට අනුව කලයුතුවන දේය.

මෙම සෙරෙනිටි ප්‍රේයර් එක මට පෙන්වා දුන්නේ මා මිලිටරි විද්‍යාලයකට සම්බ‌න්‌ධව සේවය කරද්දී හමුවුන විශ්‍රාම ගිය කාන්තා නිලධාරිනියක විසින්‌ය. ඈ ඉරාකයේ සිටිද්දී එක්තරා තරුණ නිලධාරියෙක් නිතර නිතරම සේවයට ප්‍රමාදව පැමිණීම යනාදී විනය විරෝධී ක්‍රියාවල යෙදීම කාර්‍ය්‍යයාලයේ විනය පව‌ත්‌වා ගෙන යාමට ප්‍රශ්ණයක්‌වූ නිසා ඇය ඉහළ නිලධාරීන්ට ඒ ගැන වාර්‌තා කලත් වැඩක් නොවූයේ ඒ තරුණයාගේ පියා යුද හමුදාවේ ඉහළම නිලධාරියෙක්‌වූ නිසාය. අන්තිමේදී ඇය ඇගේ හමුදා ඒකකයේ චැප්ලින් (ක්‍රිස්තියානි පූජකයා) ලඟට ගොස් මේ කතාව කියා සිටිවිට ඔහු මේස ලාච්චුව ඇර අයට ඔහුගේ බිස්නස් කාඩ්‌එක දුන්නේය. එහි මුද්‍රිතව තිබුණේ මේ සෙරෙනිටි යාඥාවය.
මේ සමඟ ඇති වීඩියෝවේ 5:33 සිට බලන්න. හාමුදුරුවරු කොළඹ ඉන්නා අයට රට බේරා දුන්නේ කෙසේද යන්න ඉන් එළිවේ.
https://www.youtube.com/watch?v=AzF4QCqe8fw

cwije77@outlook.com
,

One Response to “කාදිනල්තුමා – පැණිවරකා ගහට හෙණ වැදීම”

  1. Ratanapala Says:

    Christians priests are Christians priests! Whether they are Anglican, Catholic or Fundamentalist or any other myriad of other denominations, they are all foot soldiers of the Christian West. Although they change the sugar coating sometimes, inside it contains the same poisonous mindset – that of Christian Domination of the world and all that it implies for victim nations around the world. The Christian Church by implications is just an extension of the Bloody Roman Empire or the other empires that followed – the British, the French, the Dutch, the Spanish, the Portuguese and now the American! Their symbiotic relationship is just history!

    Unfortunately for them, they are rapidly losing their congregation throughout the Western World and that is the reason they are mainly concentrating all their efforts among the relatively poor global south. This is the reason Pope John Paul II designated the 21st Century as Asia Christianization century.

    Church attendance in churches in the Western World is rapidly depleting and now these churches are only frequented by recent immigrants and ageing septuagenarians, octogenarians and nonagenarians whites. The majority of the young are missing. Even the clergy for these churches come from third world countries!

    The sudden love of the Catholic Church for Buddhism and the Buddha Sasana is simply kissing the hand that cannot be chopped. Bishop Oswald Gomis who campaigned virulently against the candidacy of Mahinda Rajapakse for the presidency in 2005, did likewise and took action to immediately mend the fences through his Catholic wife. This is how Dan Brown’s book Da Vinci Code was prohibited sales in Sri Lanka under protest from the Catholic Church. Thus Sri Lanka became the only country in the world other than the Soloman Islands to do so. Although many in Sri Lanka didn’t realise this dastardly intervention by the Catholic Church on the freedom of Sri Lankans to read a simple work of fiction because the book trampled on the sensitive toes of the Catholic Church either by implication or by innuendo.

    Since the Easter Sunday attacks on the Christians / Catholics of Sri Lanka Cardinal Malcolm Ranjith has taken some prominence in taking the limelight on the political stage while claiming he is apolitical. He is getting an exposure that belies the strength of his congregation and for the fact that his followers did not go on a rampage in the aftermath of the Easter Sunday attacks. This tantamounts to caging wolves and by deduction implying he had to restrain the Catholics who otherwise would have gone on a rampage.

    The fact remains that it is Buddhism, Buddha Sasana ( the Buddhist Establishment) and Buddhist Culture that provides solace to all other faiths in Sri Lanka. If not for this all-embracing umbrella, the adherents of these faiths would have annihilated themselves by now is no secret. The Catholic Portuguese killing Muslims, the Dutch Protestants killing the Catholics and British Anglicans discriminating against the Protestants come to mind.

    The role provided by the Buddhist Clergy throughout the last two and a half thousand years, though not sophisticated at times have kept Sri Lanka as a nation intact. It is the Buddhist Clergy who advised and moulded our kings throughout history. This is how they came to be called the Guadian Deities of the nation. Historically as well as now and into the future, they have a role to play in Sri Lanka politics.

    This is why we do not need any pontifications from any ‘johnny come lately’s’ to advise us otherwise! The Cardinal should have just advised his priests and other Chrisitan priests not to take part in politics and left it there!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress