මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට චෝදනාවක්
Posted on December 15th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300ක නව බලාගාරයක් තැනීම සදහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියකින් තොරව විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බවට එම කොමිසම චෝදනා කරනවා.

විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ එවැනි බලාගාරයක් ඉදිකිරීම සදහා සැලසුම් පැවතියද එහි වැඩකටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවයි.

පසුගිය ජනාධිපතිවරණයට දින 10 කි තිබියදී නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 ක නව බලාගාරයක් තැනීම සදහා චීනයේ CMC සමාගම වෙත අභිප්‍රාය පලකිරීමේ ලිපියක් විදුලිබල මණ්ඩලය නිකුත් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම සදහන් කරන්නේ අදාළ බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් තම කොමිසම දැනුවත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය කටයුතු නොකල බවයි.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ අදාල නව බලාගාරය ඉදිකිරීම සදහා සැලසුම් පැවතුනද එහි වැඩකටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවයි.

මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කළේ පසුගිය කාලය පුරාවටම විදුලිබල අර්බුදයක් ඇතිවූයේ එහි බලධාරීන්ගේ නොමනා ක්‍රියා නිසාවෙන් බවයි.<

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress