සමෘද්ධි පරිගණක සහයක පත්වීම්ලාභී 1530 ගේ රැකියා අහිමි කිරීමට ගෙන ඇති තීරණය අවලංගු කර ගැනීම හා පරිගණක පුහුණුලාභීන් හට සිදු වු අසාධාරණය සම්බන්දව.
Posted on December 19th, 2019

සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය.

අතිගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති මන්ධිරය,
කොළඹ.

සමෘද්ධි පරිගණක සහයක පත්වීම්ලාභී 1530 ගේ රැකියා අහිමි කිරීමට ගෙන ඇති තීරණය අවලංගු කර ගැනීම හා පරිගණක පුහුණුලාභීන් හට සිදු වු අසාධාරණය සම්බන්දව.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත 2019 වසරේදී බඳවා ගන්නා ලද පරිගණක සහයකයින් 1530 ක් වෙත වැටුප් හා දීමනා අත්හිටුවමින් රැකියා අහිමිකිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ 2019.12.11 දිනැති DSD/HO/05/MR/02/01 ලිපිය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස කාරුණිකව අප සංගමය මෙයින් ඉල්ලා සිටින්නෙමු.

01. 2019.08.28 දින 44 වන සමෘද්ධි ජාතික සභාව වෙත යොමු කර ඇති මාණ්ඩලික පත‍්‍රිකා 2019/44/06 ට අනුව සියළුම සමෘද්ධි බැංකු හා ප‍්‍රජාමූල බැංකු සමිති 331 සඳහා පරිගණක සහකාරවරු 2146 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත බඳවා ගැනීමේ තීරණයට අනුව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු DSD/SCBBMS/HRM/REC/01/02 හා 2019.09.11 දිනැති විධිමත් පත්වීම් ලිපිය මගීන් 1530 ක් මේ වන විටත් බඳවා ගෙන ඔවුන් මාස 03 පුහුණු කාලය 2019.12.11 දිනෙන් අවසන් කර ඇත.

02. 2019 ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති අවස්ථාවක පැවති  එ.ජා.ප. ආණ්ඩුව විසින් සිදු කරන ලද මෙම කටයුත්තට වෘත්තීය සමිති වල පැවති විරෝධයද නොසලකමින් ප‍්‍රාථමික සංවර්ධන හා සමාජ සවිබල ගැන්වීමේ හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාගේ හා පාලනාධිකාරියේ උවමනාව මත මෙම බඳවා ගැනීම සිදු කරන ලදි.

03. එම බඳවා ගැනීම් සිදු කරන අවස්ථාවේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බඳවා ගත් අය සම්මුඛ පරීක්ෂණයකට ලක් කර අ.පො.ස.(සා.පෙළ) ගණිතය,සිංහල හා ඉංග‍්‍රීසි විෂයයන්ට ක්‍ සාමාර්ථයක් හා පරිගණක පිළිබඳව ඇති මාස 06 කුසලතාව මත තෝරා ගත් බව කරුණු අනාවරණය වේ.

04. එහෙත් ඒ වන විටත් දිවයින පුරා සමෘද්ධි බැංකු වල පරිගණක පහුණු කරුවන් ලෙස වසර 07 ආසන්න කාලයක සිට කටයුතු කරන ලද අයද සිිටි අතර ඔවුන්ගෙන් 400 ට ආසන්න පිරිසක් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඇතත් ඉහත මූලික සුදුසුකම් සපුරන ලද 180 ආසන්න පිරිසකට ඉහත පරිගණක සහකාර තනතුර හිමිව ඇතත් බොහෝ අය වෙත මෙම අවස්ථාව අහිමිව ගොස් ඇත.
05. පටු දේශපාලන අභිමතාර්ථයන් වෙනුවෙන් හිටපු අමාත්‍ය දයා ගමගේ ඇතුළු පාලනාධිකාරිය සිදු කරන ලද මෙම වගකීම් විරහිතව ක‍්‍රියාවට පත්වීම් ලැබූ දුවාදරුවන් එහි වගඋත්තර කරුවන් නොවන බවත් මෙහි වරදකරුවන් නීතිය හමුවට පමුණවාලීම කටයුතු නොකර ඒ වෙනුවට පරිගණක සහයක තනතුර ලැබූ 1530 වෙත දීමනා අත්හිටුවා සේවයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය කිසිදු යුක්ති සහගත කි‍්‍රියාවක් නොවන බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු. තවද පැවති ආණ්ඩුව විසින් මෙම බදවා ගැනීමේදී සුදුසුකම් ලද වසර ගණනාවක් සමෘද්ධි බැංකු වල පුහුණුලාභීන් ලෙස කටයුතු කරන ලද අය වෙතද සිදු වු අසාධාරණය ඔබගේ විශේෂ අවධානය යොමු කර සැමට සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු.  

ස්තූතියි.

මෙයට,
චාමර මද්දුම කළුගේ,
ප‍්‍රධාන ලේකම්.

සම්බන්ධීකරණය – 0714 710060
Coordinating – 0714 710060

පිටපත –
01. ගරු. පවිත‍්‍රාදේවී වන්නිආරච්චි, කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍ය – (අ.ක.ස)
02. ලේකම්, කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය – (අ.ක.ස)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress