චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවේ – උඩුවේ ධම්මාලෝක හිමි
Posted on December 21st, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බවට තමන් වහන්සේ විශ්වාස කරන බව පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය යන රටවල් හි මිත්‍රත්වය සහසම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් අපවත්

වී වදාළ තායිලන්තයේ බැංකොක් නුවර රාජකීය වත්ඉන්ද්‍ර විහාරාධිපති පූජ්‍ය උපසංඝරාජ හිමියන්ගේ භෂ්මාවශේෂ කල්‍යාණ නදියට මුදා හැරීම අද සිදුකෙරුණු අතර ඒ වෙනුවෙන් වූ දානමය පිංකමක් පිළියන්දල, ශ්‍රී විද්‍යා ශාන්ති මහ පිරිවෙනේ සිදු කෙරුණා.

මීට ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහ නායක අග්‍ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ඇතුළු සංඝ රත්නය වැඩම කර සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress