ජනපතිගේ වැඩපිළිවෙල ගැන මහා සංඝරත්නය විශ්වාසයෙන් – කොටපිටියේ රාහුල අනුනාහිමියන්
Posted on December 21st, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

දේශීයත්වයට වැඩි වටිනාකමක් ලබාදෙමින් අභිමානවත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ වාද්දුව – තල්පිටිය – බෝධිරාජ මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදීයි.

එහිදී ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම, එම අවස්ථාවට වැඩම කර සිටි භික්ෂුන් වහන්සේ සෙත්පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශීර්වාද පළ කළා.

එහිදී අනුශාසනාවක් සිදුකරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අභියෝග හමුවේ පසු නොබැස, ජනතා අපේක්ෂා ඉටු කරන ලෙසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress