වහාම ක්‍රියාත්මක වන පරිදි ෆොන්සේකා ශිෂ්ඨාචාර ගත විය යුතුය
Posted on December 22nd, 2019

තුෂාරා නිල්මිනි වන්නිආරච්චි 

2009 වන විට චීන ව්‍යාපෘති ලංකාවේ ආරම්භ කොට තිබුනේ නැත. භාරත ලක්ෂ්මන් මිය ගොස් සිටියේ නැත. අගවිනිසුරු ශිරානි බලයෙන් පහ කොට තිබුනේ නැත. තජුඩීන් මිය ගොස් සිටියේ නැත. අළුත්ගම ගිණිගෙන තිබුනේ නැත. ආන්ඩුවට එරෙහිව තිබුනේ ලසන්ත , එක්නැලිගොඩ වැනි කේස් කිහිපයකි. ෆොන්සේකාද එකී චෝදනාවල සම අයිතිකරුවෙකි. නමුත් 2009 වසරේ මහින්දට එරෙහිව ෆොන්සේකා ජනපති සටනට ආවේය. මහින්ද සිය කැම්පේන් එකට අභියෝගාත්මක තේමා පාඨයක් ගෙන ආවේය . ඒ ”කෘතඥතාවය ” පිලිබද පාඨයකි. මිනිසුන් සරත් ෆොන්සේකා අකෘතඥ පුද්ගලයෙකු ලෙස ප්‍රතික්ෂේප කොට ඉදිරි නායකයා ලෙස මහින්ද ‍තෝරා ගත්තේය.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට දියනිය ‍රැගෙන යමින් සිටි පියා වල්  අලි ප්‍රහාරයකට ලක්ව මිය ගිය සිදුවීමක් පසු ගිය ආන්ඩු කාලයේදී වාර්තා විය. එම සිදුවීමෙන් පසු  ෆොන්සේකාට වන ජීවී ඇමතිකම ලැබුනි. ඔහුට අලි මිනිස් ගැ‍ටුමෙන් පීඩාවට පත්ව සිටින මිනිසුන්ට සෙතක් සැදීමට   යුතුකමක් තිබුනි. විසදුමක්  දීම තියා අලි මිනිස්  ගැ‍ටුම වටහා ගැනීමටවත් උත්සාහ නොකල ෆොන්සේකා නියෝජ්‍ය ඇමතිවූ තෙවරප්පෙරුම හීලෑ කිරීමට ඔට්‍ටු වූයේය.

මිනිසුන් ලෙස  අප සමාජයේ ජීවත් වන විට  පවත්වාගෙන යායුතු මානුෂීය ගුණධර්ම රාශියකි. සරත් ෆොන්සේකා යනු  ශිෂ්ඨ සම්පන්න සමාජයක ‍රැකිය යුතු යයි සම්මත අවම ගුණධර්ම වත් නොරකින අශිෂ්ඨයෙකි.2009 කැම්පේන් එකට ලැබුනු මුදල් ෆොන්සේකාගේ පෞද්ගලික ගිනුම් වල තිබී හමු විය. ඒවා අදටද නඩු භාන්ඩය. නායකයෙකුගේ සුජාත භාවය විද්‍යාමන වන්නේ ජයග්‍රහනයේදී නොව පරාජය කළමනාකරණය කරන ආකාරයෙනි. ෆොන්සේකා යනු ජය පරාජය දෙකේම පිස්සු කෙලිය අයෙකි .මොහු පාර්ලීමේන්තුවේ සිටින්නේ මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තු සෙල්ලමකිනි.

ෆොන්සේකාගේ චරිත කථාව තුල කොටින්ගේ නොනවතින ‍රැල්ල පරාජය කිරීමේ සිට මේජර් ජෙනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේ සිටි මෙහෙකාරිය දූෂණය කිරීම දක්වා කථා කියවිය හැක. ඊයේ වැලිකඩ ගොස් චම්පික බලා පැමිනෙන අතර ෆොන්සේකා තවත් අවලං වැඩක් කළේය. සංදීපගේ අනතුර ගැන නොකිව යුතු කථාවක් කීවේය. යතුරුපැදිය පැයට කිලෝමීටර් 170 ක පමණ වේගයෙන් ධාවනය කොට ඇති බවත් නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේ චම්පිකට නොව සංදීපට බව ෆොන්සේකා කීවේය.

චම්පිකට එල්ල වී ඇති බරපතල චෝදනාව රිය අනතුර නොව, වෙනත් රියදුරෙකු ඉදිරිපත් කොට සාහසික ලෙස අධිකරණය  නොමග යැවීමය. මෙවැනිම සිදුවීමක් 2001 වශයේදී වාර්තා විය. එවක ගුවන් හමුදාපති  වූ එයාර් මාෂල් වීරක්කොඩි  පැදවූ මෝටර් රථය බො‍රැල්ල හන්දියේදී අනතුරට ලක්විය. ඔහුද මේ ආකාරයෙන්ම වෙනත් රියදුරෙකු ඉදිරිපත් කොට සත්‍ය වසන් කළේය. අවසානයේ ඔහුට ගුවන් හමුදාපතිකම අහිමිවූයේ බීමතින් රියපැදවීම හෝ අනතුරක් වලක්වා ගැනීමේ චෝදනා වලට  නොව  සත්‍ය වසන් කිරීම නිසාය.

චම්පිකට එරෙහි  ක්‍රියාන්විතය දේශපාලන ”මෝටිව්” එකකින් යුතු නමුත් එය සිදු වන්නේ නීතිමය රාමුවක් තුලය. චම්පිකට එරෙහිව බිදහෙලිය නොහැකි ප්‍රභල සාක්ෂි ඇත. කරුණු එසේ හෙයින් චමිපිකගේ සිද්ධියෙදී තුන් කල නුවනින් කටයුතු කල යුතුය. චම්පිකට වඩා අබාධිත  තරුණයා දෙස මානුෂීය කෝණයෙන් බැලීමට එජාපය ශූක්ෂම විය යුතුය. එසේ නොවුවහොත් පුරවැසියන් හමුවේ සදාචාර බලය එජාපයට අහිමි වනු ඇත . සමාජය හමුවේ බලවත්විය  යුතු මානුෂීය මුහුණුවර  එජාපයට අහිමිවනු ඇත. දිගින් දිගටම චම්පික නැමති චූදිතයා වෙනුවෙන් පෙනී සිටිය හොත් ප්‍රජාවෙන් එජාපයට ලැබෙනුයේ  ම්ලේච්ඡ හංවඩුවකි.

තවද තිස්වසරක යුද්ධය නිමාකල සටනේ ජෙනරාල් කෙනෙකු යයි කියා කිසිවෙකුට මානුෂීය ගුණාංග අතික්‍රමණය කිරීමට හෝ ඉන් වියුක්තව සිටීමට බලපත්‍ර දිය දිය නොහැක. වහාම ක්‍රියාත්මක පරිදි ෆොන්සේකා ශිෂ්ඨාචාර ගත විය යුතුය. නොඑසේනම් ප්‍රජාව විසින් ඔහු ශිෂ්ඨාචාර ගත කල යුතුව ඇත.

One Response to “වහාම ක්‍රියාත්මක වන පරිදි ෆොන්සේකා ශිෂ්ඨාචාර ගත විය යුතුය”

  1. NeelaMahaYoda Says:

    චම්පිකට එල්ල වී ඇති බරපතල චෝදනාව රිය අනතුර නොව, වෙනත් රියදුරෙකු ඉදිරිපත් කොට සාහසික ලෙස අධිකරණය නොමග යවා යුක්තිය පසිඳලීමට අවහිර කිරීමයි.

    බ්‍රතාන්‍යයේ අධිකරණ නීතිය අනුව මෙය ජීවිතන්තය දක්වා සිරගතකලහැකි වරදකි.

    ජෙෆ්රි ආචර් යනු චම්පික වාගේ තුට්ටු දෙකේ දේශපාලඤයකු නොව එන්ගලන්තයේ ප්‍රදානපෙලේ කෝටිපති කතුවරයකුමෙන්ම සෙනේට් සභාවේද සාමජිකයිකි.සාහසික ලෙස අධිකරණය නොමග යවා යුක්තිය පසිඳලීමට අවහිර කිරීමචෝදනාවලට වරදකරු වී වසර හතරක් සිරගත කරන ලදී.

    නමුත් බ්‍රතාන්‍යයේ දේශපාලනය කොතෙක් වගකිවයුතු සහ ආදර්ශමත් යත් කිසිම පාක්ශිකයෙක් ඔහුට පක්ශක්ග්‍රාහිකත්වයක් පෙන්නුවේ නැත.

    ඉන්පසු පක්ෂයෙන්ද නෙරපා දමනලදී

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress