රාජගිරියේ රිය අනතුර ගැන, පූජිත් ජයසුන්දරගෙන් ප්‍රකාශයක් ගැනීමට, අධිකරණයෙන් අවසර – පාඨලීගේ ජංගම දුරකථන තොරතුරුත් CCDයට
Posted on December 23rd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රථයේ ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට අද නියෝග කළා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වාර්තාවක් ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි.

එම වාර්තාවෙන් දක්වා තිබුණේ එම රිය අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලදී දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම ද සදහන් වූ බැවින් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුවයි මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා, කාලසීමාව තුළදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම, බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක භාවිත කළ ජංගම දුරකථ අංක කිහිපයක දත්ත වාර්තා කොළඹ අපරාධ කොට්ඨාශයට ලබාදෙන ලෙස ද අදාළ දුරකථන සමාගම් වලට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress