සංදීප් අනතුරට ලක් කළ පාඨලීම රජයෙන් ලක්ෂ දහයක රක්ෂණයක් අරන් – විමර්ෂණයෙන් හෙළිවේ.!
Posted on December 23rd, 2019

උපුටා ගැන්ම   KUBIYO NEWS

අනතුරක් සිදු කර සිය බලය භාවිතා කර සාක්ෂී මකා දැමීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටිනා පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවකට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව පිළිබඳවද කරුණු හෙළිවී ඇත.

ඒ, රාජගිරියේ සිදුවූ ආන්දෝලනාත්මක රියඅනතුරට සම්බන්ධව මේ වනවිට සිදුකෙරෙන වැඩිදුර විමර්ශනවලදීය.

රිය අනතුරෙන් පසුව පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි පත්ව ඇත්තේ. මෙම අනතුරට පත්ව ඇත්තේ ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ භාවිත කළ ජීප්රථයක්.

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් අදාළ වාහනය සිය අමාත්‍යංශයට භාරදෙන ලෙස ඉල්ලීමක් කර ඇතත්, පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයා එය ලබාදී නැහැ.

පසුව අදාළ රිය අනතුර සම්බන්ධයෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් එම ජීප් රථයට රුපියල් මිලියනයක රක්ෂණ මුදලක් ද ලබාගෙන තිබේ.

මෙම මුදල අමාත්‍යවරයා විසින් ලබා ගෙන තිබෙනවා.

මෙම රියඅනතුර සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද විශේෂ විමර්ශනයක් සිදු කරනවා.

ඒ, අනතුරෙන් තුවාල ලැබූ තරුණයාගේ පියා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුවයි. සත්‍ය කරුණු විකෘති කර අසත්‍ය නඩුවක් ගොනුකිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළවයි එම පරීක්ෂණය සිදුවන්නේ.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙය හුදෙක් රථවාහන නඩුවක් පමණක් නොවන බවයි. අනතුර සිදුවූ ස්ථානය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවකගේ දුරකතන සංඥා ද ගැලපී ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සංඥා කුළුණුවලින් ලබාගත් දත්තවලදී මන්ති‍්‍රවරයාගේ දුරකතනය රාජගිරිය ප‍්‍රදේශයේ තිබෙන බවටත්, අනතුර සිදුවන අවස්ථාවේ වාහනයේ සිටි බව කියන රියදුරාගේ දුරකතනය කොස්වත්ත ප‍්‍රදේශයේ තිබූ බවටත් අනාවරණ වී ඇතැයි සඳහන්.

මේ අතර අනතුරට පත් තරුණයා පැදවූ යතුරු පැදිය, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යතුරු පැදියක් බව ද හෙළිවී තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress