විග්නේෂ්වරන් යළිත් ෆෙඩරල් ඉල්ලයි
Posted on December 25th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කර ව්‍යවස්ථාවට ෆෙඩරල් ක්‍රමය ඇතුළත් කර උතුර හා නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනයා වෙනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවීම මඟින් සිංහල, දෙමළ, මුස්ලිම් සියළු දෙනාට අත්වැල් බැඳගෙන ඉදිරියට යා හැකි බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේදී අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එමෙන්ම, මහා වංශය ලියවෙන 05 වන ශත වර්ෂයේදී සිංහලයින් නොසිටි බවත්, හයවන සහ හත්වන ශතවර්ෂවලදී සිංහලයින් පැමිණි බවත් ඔහු පවසනවා.

එසේම මෑතකාලීන ඞී.එන්.ඒ. පරීක්ෂාවලින් දමිලයින් සහ සිංහලයින් පැවත එන්නේ එකම මූලාරම්භයකින් බව තහවුරු වී ඇතැයිද පවසන ඔහු එය පිළිගන්නා ලෙස සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පසුගියදා ප්‍රකාශ කළා. අද දිනයේදී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන්ද ඔහුගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබාදෙමින් සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ මහාවංශය යනු බුදු දහම පිළිබඳව උත්කර්ෂය ඇති කිරීම සඳහා පාලියෙන් ලියන ලද කල්පිතයක් බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress