ඩෙංගු මර්ධන කිරීමට දෙවියන්ගෙන් උපදෙස්
Posted on December 30th, 2019

චන්දුසේන පණ්ඩිතගේ විසිනි

නගරය පුරාම ඩෙංගු. දෙවියන්ට මේකට පිලියමක් කරන්න හිතුනා. මිනිස් වෙස්ගත් දෙවියන් ගෙයින් ගෙට ගියා. මිනිසුන්ට වෙන වෙනම උපදෙසක් දුන්නා මේ නගරයෙන් මේ රෝගය තුරන් කරන්න ඔබලාට පුළුවන්. හැබැයි ඔබ හැම, මම කියන විදියට මේ පූංචි කෙම කරන්න, සුදානම් වෙන්න. දෙවියන් කීවා

ලබන සතියේ මම ඔබලා මුණ ගැසෙන්න එනවා. ඒ වෙනකොට, ඔබලා පෝච්චියක හිටවිය හැකි ප්‍රමාණයේ මිරිස් පැල හතරක්, ඒවා සිටවිමට තරමක් ලොකු පෝච්චි හතරක්, තරමක කලුපාට බේසම් හතරක් සුදානම් කරන්න යයි සෑම නිවසකටම උපදෙස්දී පිටව ගියහ.

දෙවියන් කිවූ ආකාරයටම යලි නගරයේ නිවෙස් වෙත පැමිණ, එකිනෙක නිවැසියන් හමුවී උපදෙස්දීම ආරම්භ කළා. ඔබලාට ඇත්තේ ඉතාම සරල වැඩක්. තෝරාගත් සරු පසක් මේ පෝච්චි හතරට දමන්න. එහි මේ මිරිස් පැල හිටුවන්න. ඊට වතුර ටිකක්  දමා නිසි තැනක ස්ථාන ගත කරන්න.

ම්ලඟට ඔබ අත ඇති කලුපාට බේසම් හතරට වතුර පුරවා වත්තේ කොන් හතරේ හිරු එලිය නොවැටෙන තැනක තබන්න. පසුදා එම වතුර සියල්ලම මේ මිරිස් පැල හතරට වලට දමන්න. මෙය දිනපතාම අඛණ්ඩව සිදුකරගෙන යන විට මිරිස් ගහේ මල් පුදින වකවානුව ලඟා වෙනවිට ඔබේ ගමේ මදුරු උවදුර දුරුවී ඩෙංගු පහවී යාවි. නමුත් මේ තත්වය පවතින්නේ, ඔබ මේ මිරිස් පැල මේ කියන ආකාරය මත සුරක්ෂිතව පවත්වා ගැනීම මතයි. යම් හෙයකින් මේ මිරිස් පැල තම ආයු කාලය නිම කිරීමේ ස්වභාවයක් දක්වන්නේ නම්, ඒ වෙනුවට නව මිරිස් පැල හතරක් සිටුවා මේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න. මේ ඩෙංගු උවදුර සම්පුර්ණයෙන්ම මර්ධනයවී පවතින්නේ, නොකඩවා කරගෙන යනතාක් කල් පමණයි යනුවෙන් උපදෙස්දී ගියහ.
 මිනිසුන් මේ උපදෙසට අනුව කටුතු කිරීම ආරම්භ කල අතර මාස 4ක් පමණ කාලය තුලදී මුළු නගරයේම මිරිස් ගස්වල මල් පිපි පල දරන්නට ආරම්භ වුණා. විශාල මිරිස් පලදාවක් ලබා දෙමින්ම නගරයේ, මදුරු උවදුර තුරන් වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress