රාජිතට අයෙත් වැඩ වරදී – තවත් මගඩියක් එලියට
Posted on January 2nd, 2020

උපුටා ගැන්ම  මව්බිම

රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී පිළිකා නාශක එක් බෙහෙත් කුප්පියකට රුපියල් 6,500ක් බැගින් වැඩිපුර මුදල් ගෙවා මිලදී ගැනීමේ ක්‍රියාවලියක් පිළිබඳව වූ පෙත්සමක් විමසුමට ලක්කළ අභියාචනාධිකරණය වහාම එකී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලෙසටච රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවට නියෝග කළේය.

අතුරු තහනම් ආඥාවක් මඟින් ඉහත කී නියෝගය නිකුත් කරන ලද්දේ ඉහත රිට් පෙත්සම විමසුමට ලක්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විනිසුරු අර්ජුන ඔබේසේකර මහතාගේ සහභාගිත්වයෙන් වූ ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසිනිි. 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව, අමාත්‍යාශ  ලේකම් වසන්ත පෙරේරා, ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය හා ඉහත සඳහන් ඔෟෂධයේ සැපයුම්කරු වන සීිමාසහිත ෆාර්මේස් (පෞද්ගලික) සමාගම වගඋත්තරකරුවන් කරමින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ සීමාසහිත මාර්ක්ස් හෙල්ත් කෙයා” නමැති සමාගමක් විසිනි.

අතුරු තහනම් නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම පෙත්සම ඉතාමත්ම හදිසි කරුණක් සේ සලකා ඉක්මනින්ම විභාග කොට අවසන් කර තීන්දුව ලබාදීමට තමන් පියවර ගන්නා බවය. 

මෙම පිළිකා නාශක ඔෟෂධය වන ‘බිවෙයිෂුමැබ්’ (ඕඡ්ඍඒඡ්ධ්ඛඋර්ඒඕ) එක් කුප්පියක් රුපියල් 28,500ක් බැගින් සැපයීමට තම සමාගම ටෙන්ඩර් පතක් ඉදිරිපත් කරන ලද බවත්, එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් රුපියල් 35,000ක් බැගින් වගඋත්තරකාර සමාගමෙන් එකී ඔෟෂධය මිලදීගැනීමට ඇමැතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන් ක්‍රියාකළ බවත් පෙත්සම් පාර්ශ්වය අධිකරණයට පැමිණිලි කර ඇත.

තවද මේ මාස කීපය ඇතුළත බෙහෙත් කුප්පි 1848ක් එක් වරකදීත් තවත් කුප්පි 2127ක් තවත් වරකදීත් අධික මිලට මිලදීගෙන ඇති බවත් එමඟින් රුපියල් 2,58,37,500ක මුදලක් (දෙකෝටි පනස් අට ලක්ෂ, තිස් හත්දහස් පන්සියයක්) රාජ්‍ය මුදල් නිකරුණේ වැය කොට ඇති බවද ඔවුහු පෙන්වා දෙති. 

මෙම පෙත්සම සම්බන්ධයෙන් යම් විරෝධතාවන් ඇතොත් ඒවා ජනවාරි මස 31 වැනි දිනට පෙර අධිකරණය හමුවේ ගොනුු කරන ලෙසට වගඋත්තර පාර්ශ්වයන්ට නියෝග කෙරිණි.

ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා, නීතිඥ පුලස්ති රූපසිංහ හා නීතිඥ චින්තක ප්‍රනාන්දු සමඟ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress