RANJANGATE SCANDAL -රන්ජන්ට බේරුමක් නෑ.. අධිකරණයේ ඉහලම අයෙකු අමතා නඩු තීන්දු වෙනස් කල හඬ පට හමුවෙයි..
Posted on January 5th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිල නිවස පොලිසිය විසින් සෝදිසි කරන ලද්දේ පිස්තෝල සොයා නොවන බව රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහුගේ නිවස සෝදිසි කරන ලද්දේ විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ පට තබාගැනීමේ චෝදනාව මත බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් හඬ පට අතර රාමනායක මහතා අධිකරණයේ ඉහළම පුද්ගලයන්ට අමතන දුරකථන සංවාද ඇති බවද ඔහු පැවසුවේය.

ඇතැම් නඩුවල නීන්දු පවා වෙනස් කිරීමට මන්ත‍්‍රීවරයා දැඩි බලපෑම් කරන සාක්ෂි ලැබී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress