සංවර්ධන නිලධාරි අංශය ඉබි ගමනේ. ප‍්‍රතිසංවිධානයක් සිදුකර සංවර්ධන නිලධාරීන්ගේ ස්ථිර කිරීම්, අන්තර්ග‍්‍රහණය කිරීම්, බඳවාගැනීම් වේගවත් කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමු.
Posted on January 7th, 2020

චන්දන සූරියආරච්චි සංවර්ධන නිලධාරී සේවා සංගමය

ප‍්‍රවෘත්ති කර්තෘ/ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂක
රූපවාහිනිය/ගුවන් විදුලිය/පුවත්තපත
ලේකම්,
එස්. හෙට්ටිආරච්චි මහතා,
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
නිදහස් චතුරශ‍්‍රය
කොළඹ 07.

ලේකම්තුමනි,

සංවර්ධන නිලධාරි අංශය ඉබි ගමනේ.

ප‍්‍රතිසංවිධානයක් සිදුකර සංවර්ධන නිලධාරීන්ගේ ස්ථිර කිරීම්, අන්තර්ග‍්‍රහණය කිරීම්, බඳවාගැනීම් වේගවත් කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමු.

2012 වර්ෂයේ ස්ථාපිත කරනු ලැබූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් ඒකාබද්ධ සේවාවක් වන සංවර්ධන නිලධාරී සේවයට අදාල අංශයේ කටයුතු වේගවත් නොවීම හා අඛණ්ඩ පරිපාලන මෙහෙයවීමක් නොමැතිකමෙන් 75000 කට ආසන්න සංවර්ධන නිලධාරීන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව පළමුව සිහිපත් කරන්නෙමු.

සංවර්ධන නිලධාරී අංශය නවීකරණය කර අවශ්‍ය නිලධාරී ප‍්‍රමාණය වැඩිකර කාර්යක්ෂමතාවක් සහිත සේවාවක් කිරීමට කඩිනමින් මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමු.

02. 2012 වර්ෂයේදී සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවට අන්තර්ග‍්‍රහණය වීමට මනාපය පළ කර ඇති 1999, 2005, 2008 වර්ෂවලට අයත් නිලධාරීන් වසර 08 ක් ගෙවී ගොස් ඇතත් අන්තර්ග‍්‍රහණය කිරීම මෙතෙක් අවසන් නොකිරීම.

03. 2012 වර්ෂයේ බඳවාගත් කාර්යක්ෂමතා කඩඉම් විභාගය, දෙවන භාෂා ප‍්‍රවීනතාවය සම්පූර්ණ කර ඇති සංවර්ධන නිලධාරී මේ දක්වා ස්ථිර නොකිරීම.

04. 1999, 2005, 2008 වර්ෂවල බඳවා ගත් නිලධාරීන් නියමිත ශ්‍රේණිගත කිරීම් අවසන් කර  නොතිබීම.
 

05. 2018. 08. 20 දින සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ අභ්‍යාසලාභී පුහුණුවට ඇතුලත් කරගත් අභ්‍යාසලාභීන් මේ දක්වා තනතුරේ ස්ථිර නොකිරීම.

06. 2016 වර්ෂයේ බඳවාගත් 2600 ක පමණ සංවර්ධනය නිලධාරීන් ස්ථිර කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කිරීමේ ප‍්‍රමාදය.

ඇතුළු ප‍්‍රශ්න රාශියක් වසර ගණනාවක් තිස්සේ සංවර්ධන නිලධාරී අංශය තුළ සැ`ගව ඇත. එම කටයුතු අඛණ්ඩව වේගවත්ව සිදු නොවීම හේතුවෙන් සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන් දැඩි වෘත්තීයමය අසාධාරණයකට මෙන්ම කප්පාදුවට ලක් ව ඇත.

* 2012 වර්ෂයේ සංවර්ධනය නිලධාරී අංශය ස්ථාපිත කළ දින සිට මේ දක්වා අංශභාර ප‍්‍රධානින්ගේ අඛණ්ඩ මෙහෙයවීමක් දක්නට නොතිබීම. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ධුරය ඇතුළු තනතුරු වැඩි කාලසීමාවක් පුරප්පාඩුව පැවතීම.

* 2012 වර්ෂයේ සිට 2019 දක්වා කාලසීමාව තුළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අඩුම පහසුකම් හා සැලකිල්ලට ලක් නොවූ අංශයක් ලෙස ඉතාම අඩු පහසුකම් හා ඉඩ පමණක් සහිතව පවත්වාගෙන ගිය අංශයක් වීම.

* 75000 ට ආසන්න සංවර්ධන නිලධාරීන්ගේ ලිපිගොනු ඇතුලූ පරිපාලන කටයුතු වෙනුවෙන් සංවර්ධන අංශයේ රාජකාරි කරනුයේ 30 කට ආසන්න කාර්යාල ගත නිලධාරීන් ප‍්‍රමාණයකි.

* එක් නිලධාරියෙකුට පුද්ගලික ලිපිගොනු 2500 කට ආසන්න ප‍්‍රමාණයකට වගකීමට සිදුව ඇති බැවින් එම ප‍්‍රමාණය මෙහෙයවීම ප‍්‍රායෝගිකව දුෂ්කර වීම හා කිසිදු රාජ්‍ය ආයතනයක එක් නිලධාරියෙකුට  නොපැවරෙන තරමේ ලිපිගොනු ප‍්‍රමාණයක් එම අංශයේ නිලධාරීන්ට පවරා තිබීම.

* රජයේ වෙනත් ආයතනවල ලිපි ගොනු කිරීම සඳහා යම් දිරි දීමනාවක් ලබා දුන්නද, සංවර්ධනය නිලධාරී අංශයේ නිලධාරියකු ලිපිගොනු දෙදහස් පන්සියකට වගකීම් දැරුවද මේ දක්වා කිසිදු දීමනාවක් හෝ වෙනත් දිරිගැන්වීමක් ක‍්‍රියාත්මක වී නොතිබීම.

ඒකාබද්ධ සේවාවකට අයත් රට පුරා වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින අංශයක් සඳහා 2012 සිට මේ දක්වා රජයන් වල හා බලධාරීන්ගේ ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොවීම කණගාටුදායක තත්වයකි.

මෙම තත්ත්වය නිසා සංවර්ධනය නිලධාරින්ගේ අන්තර්ග‍්‍රහණය කිරීම, ස්ථිර කිරීම්, ශ්‍රේණිගත කිරීම් නියමිත කලට නොවීම හේතුවෙන් ඔවුන්ගේ මුලික වැටුප් හා වැටුප් වර්ධක නියමිත කාලයට පරිවර්තනය නොවිම වැනි ගැටලූ නිර්මාණය වී ඇත. රාජ්‍ය සේවක දේපළ ණය ඇතුළු රාජ්‍ය සේවක හිමිකම් හා වරප‍්‍රසාද මෙන්ම අයිතීන් භුක්ති විඳීමට නොහැකි බරපතල තත්වයක් එමගින් නිර්මාණය වී ඇත.

දිස්ත‍්‍රික් මට්ටමින් ජංගම සේවාවක් හරහා අන්තර්ග‍්‍රහණය, ස්ථිර කිරීම්, ශ්‍රේණිගත කිරීම් සඳහා තීරණය වුවද එම තීරණයද මෙතෙක් ක‍්‍රියාත්මක නොවුනි.
 
ලේකම්තුමනි,

ඉතිහාසයේ සිට මේ දක්වා අපේ රටේ ප‍්‍රධානතම මාතෘකාව සංවර්ධනය බව අපි දනිමු. එම සංවර්ධන අරමුණු ජාතික වශයෙන් සාර්ථක කරගැනීම සඳහා අද බිම් මට්ටම දක්වා ක‍්‍රියාත්මක වන ඒ වෙනුවෙන් තනතුරක් සහිත සේවාවක් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාව තුල දක්නට ඇත. රටේ සංවර්ධනය ඇතුළු ජාතික අභිලාෂයන් වෙනුවෙන් සංවර්ධන නිලධාරීන් රාජ්‍ය සේවයේ රාමුව තුල මෙහෙයවීමට අපොහොසත් වී ඇත. ඊට හේතුව වසර ගණනාවක් තිස්සේ අදාළ අංශ මගින් කඩිනම් විය යුතු වැඩ කොටස් නිම නොකිරීම එක් හේතුවක් බව දන්වා සිටිමු.

එමනිසා සංවර්ධන නිලධාරී අංශය ආකර්ෂණීය, කාර්යක්ෂම හා ඵලදායී අංශයක් බවට නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණවත් නිලධාරීන් ඒ් සඳහා යෙදවීම හා එම අංශයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලවල ගැටලූ හා දුෂ්කරතා අවම කිරීම සඳහා කඩිනමින් මැදිහත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙම තත්වය මග හරවා ගැනීම සඳහා අපගේ අදහස් යෝජනා තවදුරටත් අමාත්‍යාංශය වෙත ලබාදීමට අපි අපේක්‍ෂා කරන අතර ඉහත දක්වා ඇති කරුණු පිළිබඳව සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

ස්තූතියි, මෙයට
චන්දන සූරියආරච්චි

සම්බන්ධීකරණය – 0718 178268
Coordinating – +94718 178268


පිටපත්
1.
ඒකාබද්ධ සේවා අධ්යක් ජනරාල්
2.
ආයතන අධ්යක්ෂ ජනරාල්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress