RANJANGATE SCANDAL – තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ගැන ඇමති මහින්දානන්දගෙන් පොලිසියට පැමිණිලි
Posted on January 9th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ තමන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බව පවසමින්.

මේ අතර, නව සිංහලේ ජාතික සංවිධානය කතානායක නිල නිවසට පැමිණියේ පාර්ලිමේන්තුව අපකීර්තියට ලක් කරමින් හැසිරුණු රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් කතානායක කරූ ජයසූරිය වෙත ලිපියක් භාරදීම සඳහායි

මේ අතර සත්‍ය ගවේෂකයෝ සංවිධානය ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත පැමිණිල්ලක් සිදුකරමින් ඉල්ලා සිටියේ රන්ජන් රාමනායක සමග දුරකථන සංවාද පවත්වා ඇති බවට හෙළි වී ඇති විනිසුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

අනතුරුව, සත්‍ය ගවේෂකයෝ සංවිධානය අදාළ පැමිණිල්ල අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ද ඉදිරිපත් කළා.

මේ අතර, දේශපාලන පලි ගැනීම්වලට ලක්ව සිරගත කර සිටින දේශපාලනඥයින් සහ රණවිරුවන් ඇතුළු පුද්ගලයින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් විදේශ බලකාය අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් භාර දුන්නා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress