තාජුඩීන් ඝාතනයට ගෝඨා සම්බන්ධයි කිව්වොත් මාව ASP කරන බව ශානි කිව්වා- සුමිත් පෙරේරා කියයි
Posted on January 10th, 2020

නුවන් හෙට්ටිආරච්චි උපුටා ගැන්ම මව්බිම

තාජුඩීන් ඝාතනය යට ගහන්න ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථන ඇමතුම් දුන්න බැව් පවසන ලෙස ශානි අබේසේකර හිටපු සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයා බලපෑම් කළ බවත් දුරකථනයෙන් නිතර තමාට රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා තර්ජනය කළ බවත් නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා පැවැසීය.

ඒ නිසාම තමන් මාස 11ක් සිරගත කොට සිටි බවත් හෙතෙම සඳහන් කළේ දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී හෙතෙම මෙසේද කීය.

“තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ මාවයි. ශානි අබේසේකර මට කියපු දේවල් නොකළ හින්දා තමයි මට හිරේ යන්න වුණේ. මම මීට පෙරත් මාධ්‍ය සාකච්ඡාවලදී පැහැදිලිව කිව්වා මට හා මගේ ඥාතීන්ට ඔවුන් ගොඩක් කරදර කළා කියලා. ඒ දේ අද ඔප්පු වෙලා තියෙනවා. ඒ බව මේ ‘හඬ පටවල’ තියෙනවා. කෙළින්ම ශානි අබේසේකර හා රන්ජන් රාමනායක කතා කරන්නේ තාජුඩීන්ගේ සිද්ධියත් ඒ වගේ කරන්න. අපිටත් මරණීය දණ්ඩනය දෙන්න.”

එහිදී ඔහු ඉදිරිපත් කළ හඬ පටයේ තිබූ සංවාදය මෙසේයි.

ශානි අබේසේකර – හෙට වෙයි නේද? හෙට එනවා නේද?

රන්ජන් රාමනායක – හොඳ දෙයක් වෙයි නේද?

ශානි අබේසේකර _ ඔව්. වෙන දෙයක් වෙන්නෙ නැතෑ.

රන්ජන් රාමනායක – හොඳයි හොඳයි එහෙනම් දෙයියන්ගේ පිහිටයි. ඔය වගේම තාජුඩීන්ගේ එකත් කරලා දෙන්න.

ශානි අබේසේකර – බොහෝම ළඟ ඉන්නේ.

රන්ජන් රාමනායක _ කැනඩා යවපු එක මොකද වුණේ?

මේ දේවල්වලින් පේනවා මාව මාස 11ක් රිමාන්ඩ් එකේ තිබ්බේ ශානි අබේසේකර හා රන්ජන් රාමනායක දෙන්න බව. බොරු සාක්ෂි දෙන්න කියලා කිව්වාම මං බැහැ කිව්වා. බැහැ කිව්ව නිසා හිරේ දැම්මා. බලන්න අද දුමින්ද සිල්වා මහත්තයා වුණත් මරණ දණ්ඩනය තිබුණා නම් ඔහු මරණයට පත්වෙලා. ඒවාට වගකියන්නේ කවුද? ජනාධිපතිතුමනි මේකට විසඳුමක් දෙන්න. අවුරුදු 4 1/2ක් මට වැඩ නැහැ. මම බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.

පැහැදිලිවම තාජුඩීන් මැරුණේ අරක්කු බීලා ගිහින් සිදුවූ අනතුරකින්. ඒ පිළිබඳ වාර්තා තියෙනවා. ආණ්ඩු දෙකක තීරණ දෙකක් දෙනවා එකම විනිසුරුවරයා. නමුත් තාජුඩීන්ගේ පරීක්ෂණය කරලා තියෙනවා. හරියටම. නිශාන්ත පීරිස් මහත්තයා ඒ ගැන දන්නවා.

නාමල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතා කෝල් කරලා යට ගහන්න කිව්වා කියලා කියන්න කියලා තමයි ශානි කිව්වේ මට කියන්න කියලා. අනෙක මං රාජපක්ෂලා ඇසුරු කළානම්. යාපනේ ඉන්න ඕනද? යුද්ධෙ කාලේ වාකරේ හිටියේ ඕ.අයි.සී. විදිහට. මේ රජය ආවට පස්සේ නම් මට තර්ජන තිබ්බේ නැහැ. නමුත් ගිය රජය පැවැති කාලයේ රන්ජන් රාමනායක තර්ජනය කළා.

නුවන් හෙට්ටිආරච්චි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress