RANJANGATE SCANDAL – හත්පොළේ ගාගත් රන්ජන්ගේ හඬපට නාඩ­ගම
Posted on January 11th, 2020

ගයාන් කුමාර වීර­සිංහ  උපුටා ගැන්ම  සිළුමිණ 

පසු­ගිය එක්සත් ජාතික පෙර­මුණු ආණ්ඩුවේ කියුම් කෙරුම් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඩ­පට ගොන්නෙන් එකි­නෙක එළි­යට එමින් පවතී. එම හඬ­පට මේ වන විට ඇත්තේ පොලී­සිය සතුව පම­ණක් නොවේ. ඒවා සමාජ ජාල වෙබ් අඩ­වි­වල උණු උණුවේ හුව­මාරු වෙයි.

අපේ රටේ දේශ­පා­ලන සූදුවේ තරම කියා පාන රන්ජන් රාම­නා­ය­කගේ දුර­ක­තන සංවාද එළි­යට ඒමේ කතා­වද අපූරු එකකි. බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සය සඳ­හන් කරන ආකා­ර­යට එදා ජන­වාරි 05 වෙනි­දාය. වේලාව රාත්‍රී 7.30 ට පමණ ඇත. කෝට්ටේ පාගොඩ පාරේ පිහිටි බස්නා­හිර පළාත් අප­රාධ කොට්ඨා­ස­යට ගොඩ වන්නේ ත්‍රිරෝද රථ රිය­දු­රෙකි.

පැල­වත්තේ පදිං­චි­ක­රු­වකු වන ඔහු පොලිස් නිල­ධා­රීන් අතට පත් කරන්නේ නිල් පැහැති සිප­ර­යක් සහිත ඩයරි කව­ර­යක් සහ ඒ තුළ දමා වසා තිබුණු පරි­ග­ණ­ක­ව­ලට පිට­තින් සවි­ක­රන හාඩ් ඩිස්ක් එකකි. මාදි­වෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස ඉදි­රි­පි­ටින් නුගේ­ගො­ඩට යෑමට යැයි කියා තම ත්‍රිරෝද රථ­යට ගොඩ වුණු පුද්ග­ල­ය­කුට ඒවා අම­ත­කව ගොස් ඇති බව ඔහු කීවේය. අඳුර වැටී තිබුණු මොහො­තක වූවත් එම පුද්ග­ලයා අවු කන්නා­ඩි­යක් පැලඳ තොප්පි­යක් දමා­ගෙන සිටි­යේය. නුගේ­ගො­ඩට යන්නට යැයි කියා ගොඩ­වූ­වත් ඔහු බැද්ද­ගාන ක්‍රීඩාං­ග­ණය අස­ලින් බැස ගිය බවත් ඔහු යම් කල­බ­ල­ය­කින් සිටිනු දක්නට ලැබුණු බවත් රිය­දුරා අප­රාධ කොට්ඨා­ශ­යයේ නිල­ධා­රීන්ට පවසා තිබිණි.

ත්‍රිරෝද රථ­යට ගොඩ වූ මොහොතේ සිට ඔහුට දුර­ක­තන ඇම­තුම් ලැබුණු බවත් රන්ජන් ඇමති සත­ප­හ­කට වැඩක් නැහැ. අපි­ටත් කැත වැඩක් කළේ යැයි පව­සනු තමන්ට ඇසුණු බවද රියැ­දුරා කීවේය. නුගේ­ගොඩ ගමන අතර මග නතර කර­මින් ත්‍රිරෝද රථ­යෙන් ඔහු හදි­සි­යේම බසි­න්නේද දුර­ක­තන ඇම­තු­ම­කට අනුව බවද රියැ­දුරා කීවේය.

ඒ මහ­ත්තයා බැහැලා ගියාට පස්සේ මම නුගේ­ගොඩ පැත්තට යන­කොට වාහ­න­යක් ඉස්සර කරන්න හැදුවා. එක­පා­රම බ්‍රේක් එක පෑගුණා. ඒත් එක්කම පිටි­පස්සේ සීට් එක ළඟින් දඩාස් ගාල ශබ්ද­යක් ඇහුණා. මං ත්‍රීවීල් එක අයි­න­කට කරල බැලුවා. එත­කො­ටයි දැක්කේ නිල් පාට කව­රෙක දාපු යමක් පිටි­පස්සේ බිම වැටිලා තියෙ­නවා. ඒක මාදි­වෙ­ලින් නැග්ග මහ­ත්ත­යාගේ බව මට හිතුණා. මං ත්‍රීවීල් එක හර­වා­ගෙන ඒ මහ­ත්තයා බැස්ස තැනට ගියා. මහ­ත්තයා හිටියේ නැහැ. ත්‍රීවීල් එක හර­වා­ගෙන ආපහු නුගේ­ගොඩ පැත්තට යන­කොට පොලී­සියේ බෝඩ් එක දැක්කා. මට හිතුණා පොලී­සි­යට දුන්නොත් ඒක ඒ මහ­ත්තයා අතට ලැබෙයි කියලා ත්‍රිරෝද රථ රිය­දුරා පොලිස් නිල­ධා­රියා අතට ඒ හාඩ් ඩිස්ක් එක පත් කර­මින් කීවේ එවනි කතා­වකි.

පොලී­සිය කියන්නේ ත්‍රිරෝද රථ රිය­දුරා ළඟ තබා­ගෙන එම හාඩ් ඩිස්ක් එක පොලී­සියේ පරි­ග­ණ­ක­යෙන් පරී­ක්ෂා­වට ලක් කළ බවය. එහිදී පෙනී යන්නේ ඒ තුළ ඇත්තේ දේශ­පා­ලන රහස් ගොන්නක් බවකි. එම හාඩ් ඩිස්ක් එක අත­හැර ගිය පුද්ග­ලයා කවු­රු­න්දැයි පැහැ­දිලි නැතත් එහි තිබුණේ හිටපු රාජ්‍ය ඇම­ති­ව­ර­යෙකු වූ රන්ජන් රාම­නා­යක මහතා විවිධ පුද්ග­ල­යන්ට ලබා­ගත් ඇම­තුම් සහ ඔහුගේ ජංගම දුර­ක­ත­න­යට ලැබුණු ඇම­තු­ම්වල පටි­ගත කිරීම් බව පෙනී ගියේය.

සංවේදී පොලිස් විම­ර්ශ­න­ව­ලට මෙන්ම අධි­ක­ර­ණයේ විභාග වන නඩු කට­යු­තු­ව­ල­ටත් රන්ජන් රාම­නා­යක මහතා මැදි­හත් වන අයුරු එම හඬ­ප­ට­ව­ලින් පැහැ­දි­ලි­වම පෙනී යන්නට වූ බැවින් බස්නා­හිර දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් ඒ ගැන කියන්නේ තමන්ගේ ඉහළ නිල­ධා­රී­න්ටය. එහිදී උප­දෙස් ලැබෙන්නේ ත්‍රී රෝද රථ රිය­දු­රාගේ ප්‍රකා­ශ­යක් සට­හන් කර හාඩ් ඩිස්ක්එක පොලිස් භාර­යට ගන්නා ලෙසය.

එම හාඩ් ඩිස්ක් එකේ ඇති හඬ­පට ප්‍රමා­ණය ලක්ෂ එක හමා­ර­කට අධි­කය. එම හඬ­පට විශ්ලේ­ෂ­ණ­යේදී බස්නා­හිර දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන්ට පෙනී යන්නේ ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන්ද බොහෝ දේවල් එහි අන්ත­ර්ග­තව ඇති බවය. එහි ඇති බර­ප­තළ තත්ත්වය වට­හා­ගත් පොලිස් ප්‍රධා­නීන් ඒ ගැන ඉහළ බල­ධා­රීන්ද දැනු­වත් කර­මින් තීර­ණය කරන්නේ එම හඬ­පට සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක නිරත වන්න­ටය. රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ මාදි­වෙල පිහිටි නිල නිවස සෝදිසි කර­න්නට අධි­ක­ර­ණ­යෙන් වරෙ­න්තු­වක් ලබා­ගන්නේ ඒ අනු­වය.

සිය නිවස පොලී­සිය සෝදිසි කරන්නේ ඇයි දැයි මන්ත්‍රී­ව­රයා දැන සිටි­යත් ඒ ගැන ඔහුට වගේ වගක් නොවීය. ෆේස් බුක් සමාජ ජාල ඔස්සේ ඔහු ඊටද ප්‍රචා­ර­යක් දුන්නේ රටේ සිය­ලුම මාධ්‍ය ආය­තන නියෝ­ජි­ත­යන්ද එහි ගෙන්වා ගනි­මිනි. ඒ අතර ඔහු තමන්ට හිත­වත් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රු­න්වද එහි කැඳ­ව­න්නට වග බලා ගත්තේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඉහළ නිල­ධා­රීන් , අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සමේ ඉහළ නිල­ධා­රීන් සහ මූල්‍ය අප­රාධ කොට්ඨා­සයේ ඉහළ නිල­ධා­රීන් සමඟ එව­කට විප­ක්ෂයේ සිටි මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුවේ දේශ­පා­ල­න­ඥ­යන්ට එරෙ­හිව නඩු කට­යුතු සහ විම­ර්ශන සිදු විය යුතු ආකා­රය ගැන කෙරෙන කතා­බහ ඇතු­ළත් සංයුක්ත තැටි ගොන්නක්ම හමු­වන්නේ එවි­ටය. සොයා­ගත් ඇතැම් සංයුක්ත තැටි අතර අසභ්‍ය චිත්‍ර­පට කිහි­ප­යක්ම තිබිණි.

පොලිස් නිල­ධා­රීන් පුදු­ම­යට පත් වන්නේ ඒ කිසි­වෙ­කින් නොව, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කළ සංවේදී විම­ර්ශන ගොනු කිහි­ප­ය­කම පිට­පත් එහෙම පිටින්ම එහි තිබී හමු­වී­මෙනි. රගර් ක්‍රීඩක වසීම් තාජු­ඩීන්, මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ සහ ද නේෂන් පුව­ත්පතේ සහ­කාර කර්තෘ කීත් නොයාර්ට පහ­ර­දී­මට අදාළ විම­ර්ශන ගොනු ද ඒ අතර විය.

සෝදි­සි­යේදී පොලිස් නිල­ධා­රීන්ගේ විශේෂ අව­ධා­න­ය­කට යොමු වන්නේ නිවස තුළ තිබුණු ගිනි අවි­යක් කෙරෙ­හිය. එම අවිය මන්ත්‍රී­ව­ර­යෙකු ලෙස ඔහුට රජ­යෙන් නිකුත් කර තිබූ­වකි. එහෙත් ඒ වන විටත් එම අවියේ බල­ප­ත්‍රය වසර කිහි­ප­ය­කින්ම අලුත් කර නොති­බිණි. එම අවිය සමඟ ඊට යොදන පතො­රම් 127ක්ද එහි තිබිණි. මන්ත්‍රී­ව­ර­ය­කුට ගිනි අවිය සමඟ නිකුත් කරන්නේ පතො­රම් 20ක් වූවත් පතො­රම් 127ක් තිබීම ගැන පොලී­සි­යට ඇති වන්නේ සැක­යකි. රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය තීර­ණය කරන්නේ ඒ නිසා ය.

මේ වන විට සමාජ මාධ්‍ය ජාල­වල සංස­ර­ණය වන්නේ පොලී­සි­යට හසුවූ ලක්ෂ ගණ­නක් වූ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­ප­ට­ව­ලින් කිහි­ප­යක් පමණි. එම හඬ­ප­ට­ව­ලින් යහ­පා­ලන ආණ්ඩුවේ රාජ්‍ය ඇම­ති­ව­ර­ය­කුව සිටි රන්ජන් රාම­නා­යක මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­න­ව­ලට මෙන්ම අධි­ක­ර­ණයේ නඩු කට­යු­තු­ව­ලට කළ බල­පෑම් ගැන රහස් ගොන්නක්ම හෙළි වන්නට පට­න්ගෙන තිබේ.

එක් හඬ­ප­ට­යක ඇත්තේ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විනි­සු­රු­ව­ර­යෙකු සමග කෙරෙන කතා­බ­හකි. එයින් පෙනී යන්නේ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහ­තාගේ නඩු­වක් සම්බ­න්ධ­යෙන් එම කතා­බහ සිදු වන බවකි. එම ඇම­තුම විනි­සු­රු­ව­ර­යාට යොමු වන විට විනි­සු­රු­ව­රයා සිටින්නේ අධි­ක­ර­ණ­යට ගමන් කර­මිනි. එම නඩුව රජයේ වාහ­න­යක් අව­භා­විතා කිරී­මක් සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම විසින් ෆවුසි මන්ත්‍රී­ව­ර­යාට ගොනු කරනු තිබූ­වකි. රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා විනි­සු­රු­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටින්නේ ෆවුසි හිරේ දමන ලෙසය.

ආණ්ඩු­වම බේර­ගන්න පුළු­වන්. ඔබ­තු­මාගේ කියන තැන­කට වඳි­න්නම්. ඕනේ උද­ව්වක් කර­න්නම්. පැය­කට ඇතු­ළට දාලා දෙන්න රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හිර­ගත කර­න්නට විනි­සු­රු­ව­රයා සමඟ කතා­බහ කරන්න අයුරු තවත් හඬ­ප­ට­යක ඇතැයි පොලිස් තොර­තු­රු­ව­ලින් කියැ­වෙයි

එහිදී විනි­සු­රු­ව­ර­යාගේ පිළි­තුර වන්නේ තමන් ඉල්ලා සිටින ලෙසට පැමි­ණි­ල්ලක් කළ­හොත් ඒ දේ ඉටු කර දිය හැකි බවය.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා දුර­ක­තන සංවාද පවත්වා ඇත්තේ එම විනි­සු­රු­ව­රයා සමඟ පම­ණක් නොවේ. ඔහු විනි­සු­රු­වන්ට බල­පෑම් කර ඇත්තේ එව­කට විප­ක්ෂය නියෝ­ජ­නය කළ රාජ­පක්ෂ ආණ්ඩුවේ දේශ­පා­ල­න­ඥ­යන් සිර­ගත කර­න්න­ටය. ඒ කියැ­වෙන නම් අතර බැසිල් රාජ­පක්ෂ, උදය ගම්ම­න්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජ­පක්ෂ නම් ඇත්තේ ඉදි­රි­යෙනි. උදය ගම්ම­න්පිල මන්ත්‍රී­ව­ර­යාව සිර­ක­ර­න්නට කතා­බහ ඇති වන්නේ පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රි­යෙකු සම­ඟිනි.

මර­ණීය දණ්ඩ­න­යට නියම වී සිටින හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිර­ගත කිරීම මෙන්ම මර­ණීය දණ්ඩ­න­යෙන් දඬු­වම් ලබා­දීම පිළි­බඳ ද එම හඬ­ප­ට­වල කතා පවතී. ඒ සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් මෙන්ම දුමින්ද සිල්වා මහ­තාට මර­ණිය දණ්ඩ­නය නියම කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­ය­ක­ගේද සම්බ­න්ධ­යක් ඇති බව හඬ­පට ඔස්සේ පැහැ­දි­ලි­වම හෙළි වෙයි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ එව­කට සිටි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධී­කාරී ශානි අබේ­සේ­කර මහ­තාගේ නමද ඇත්තේ එම කුම­න්ත්‍ර­ණ­ක­රු­වන්ගේ ලැයි­ස්තු­වේය. විනි­සු­රු­ව­රිය සිටි­න්නේද ඒ ගොන්නේ­මය. මේ වන විට සිටින්නේ විශ්‍රාම ගොස් සිටින මේ විනි­සු­රු­ව­රිය අධි­යා­ච­නා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක ලෙස විශ්‍රාම ගන්නට උත්සාහ දරා ඇති බව එම හඬ­ප­ට­ව­ලින් පැහැ­දිලි වන කරු­ණකි. ඇයට ඒ සඳහා බාධා­වක් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨතා ලේඛ­නයේ ඇය සිටියේ නව වැනි තැනේ වන බැවිනි. ඇය සිය උසස් වීම වෙනු­වෙන් රන්ජන් රාම­නා­යක මහ­තාට බැගෑ­පත් වන්නේ දුමින්ද සිල්වාව පෝර­ක­යට යැවීමේ තීන්දුව ලබා­දී­මෙන් අන­තු­රු­වය. එම හඬ­ප­ට­යට අනුව සැක පළ වන්නේ ඇයට උසස් වීමක් පෙන්ව­මින් දුමින්ද සිල්වා පෝර­ක­යට යව­න්නට යම් කුම­න්ත්‍ර­ණ­යක් සිදු වී ඇති බවකි.

2016 සැප්තැ­ම්බර් 18 වැනිදා දුමින්ද සිල්වා මහතා ඇතුළු භාරත ලක්ෂ­මන් ඝාත­නයේ චූදි­ත­යන් 13 දෙනාම අධි­ක­ර­ණ­යට එන්නේ සිනා­මුසු මුහු­ණිනි. ඒ අධි­ක­ර­ණය ගැන ඒ තර­මට විශ්වා­ස­යක් ඔවුන්ට තිබුණු බැවිනි. සිදු වන්නේ අන­පේ­ක්ෂිත ලෙස දුමින්ද සිල්වා මහතා ඇතුළු පස් දෙනෙ­කුට මර­ණීය දණ්ඩ­නය නියම කර­මින් සෙසු චූදි­ත­යන් නිද­හස් කිරී­මය.

එප­ම­ණක් නොව, බුද්ධි අංශ නිල­ධා­රීන් සිර­ගත කිරීම් ගැනද ශානි අබේ­සේ­කර සහ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා අතර අද­හස් ගොන්නක්ම හුව­මාරු වී ඇත. හමුදා බුද්ධි අංශ ප්‍රධා­නි­යාව සිටි බ්‍රිගේ­ඩි­යර් සුරේෂ් සලෙයි මහතා හමුදා බුද්ධි අංශ­යෙන් ඉවත් කිරීමේ කුම­න්ත්‍ර­ණය දියත් වන්නේ ශානි අබේ­සේ­කර සහ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ සැල­සු­ම­කට අනුව බව හඬ­ප­ට­ව­ලින් පැහැ­දිලි වෙයි.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍ර­ම­තුංග, ඇව­න්ගාඩ් පාවෙන අවි ගබ­ඩාව සහ භාරත ලක්ෂ­මන් ඝාත­නය සම්බ­න්ධ­යෙන් මූලික විම­ර්ශන එකල සිදු කරන්නේ එව­කට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුව සිටි මෙරිල් රන්ජන් ළමා­හේවා මහ­තාය. ශානිගේ සැල­සු­ම්ව­ලට අනුව ඔහු එදා ඒ විම­ර්ශන සිදු කර­න්නට ගියේ නැත. දුමින්ද සිල්වා මහතා නිද­හස ලබ­න්නට නිය­මිත ව තිබුණේ ඔහුගේ විම­ර්ශන මුල් කර­ගෙ­නය. එසේම ලසන්ත වික්‍ර­ම­තුංග ඝාත­න­යට සැක කරන්නේ කාගේ ආර­ක්ෂ­ක­ය­න්දැයි මුලින්ම සොයා ගන්නේද මෙරිල් රන්ජන්ගේ විම­ර්ශන ඔස්සේය. මෙරිල්ට වැඩි කලක් විම­ර්ශන කර­න්නට ඉඩක් නොවීය. ඔහුව නමට පම­ණක් තබා­ගෙන වෙනත් නිල­ධා­රීන් යොදා තමන්ට වුව­මනා ලෙස ශානි අබේ­සේ­කර එම විම­ර්ශන සිදු කළේය. ඒ ගැන සිය විරෝ­ධතා දක්වන විට මෙරිල්ව යාප­න­යට මාරු කළේය. මෑතක දී ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­ම­ටද සූදා­නම් වන්නේ ලසන්ත ඝාත­නයේ කරුණු වසන් කළේ යැයි චෝදනා නඟ­මිනි. එය ගැස්සෙන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහු කැඳවා කෙරුණු ප්‍රශ්න කිරී­ම්ව­ලදී ලසන්ත ඝාත­නයේ සැක­ක­රු­වන් කවු­රු­න්දැයි ඔහු තමාගේ කට­උ­ත්ත­රයේ ලියා ගන්නැයි කී විටය.

දෙබ­රට ගල් ගැසු­වාක් මෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ලොක්කන් ඇවි­ස්සෙන්නේ ඒත් එක්ක­මය. මෙරිල් අත්අ­ඩං­ගු­වට ගැනීමේ සැල­සුම වෙනස් විය. ලසන්ත ඝාත­නයේ සැක­ක­රු­වන් ගැන මෙරිල් කී කිසි­වක් සට­හන් නොවීය. ඔහු නිද­හස් කර යැව්වේය. එ් බවක්ද දැන් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­පට ගොන්නේ ඇති ඇතැම් හඬ­ප­ට­ව­ලින් තහ­වුරු වෙයි.

එම හඬ­ප­ට­වල ශානි අබේ­සේ­කර මහතා සිය තන­තු­රද හෑල්ලු­වට ලක් කර­මින් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ නිවසේ වළං හෝද­න්නට පවා එන බව කියාද තිබේ. ඒත් එක්කම මෙතෙක් ඔහුගේ මෙහෙ­යැ­වී­මෙන් කළ අප­රාධ විම­ර්ශන පවා මේ වන විට අභි­යෝ­ග­යට ලක් වී තිබේ. එම හඬ­ප­ටයේ ආන්දෝ­ල­නා­ත්මක බව ශානි අබේ­සේ­කර මහ­තාගේ වැඩ තහ­නම් කිරී­මට ජාතික පොලිස් කොමි­සම තීර­ණය කරන තැනට පත් විය. වැඩ­බ­ලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහ­තාට පොලිස් කොමි­සම දැනුම් දෙන්නේ ශානි අබේ­සේ­කර මහතා සම්බ­න්ධ­යෙන් සති දෙකක් තුළ වින­යා­නු­කූල විම­ර්ශ­න­යක් පවත්වා වාර්තා­වක් ලබා­දෙන ලෙසය. ඒ අනුව නියෝජ්‍ය පොලි­ස්පති මුදිත පුස්සැල්ල මහතා යටතේ මේ වන විට ශානි අබේ­සේ­කර මහතා සම්බ­න්ධ­යෙන් විනය පරී­ක්ෂ­ණ­යක් ක්‍රියා­ත්මක වෙයි. එහි අධී­ක්ෂණ නිල­ධා­රියා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී දේශ­බන්දු තෙන්න­කෝන් ය.

විනය පරී­ක්ෂ­ණ­යට අම­ත­රව දැන් එම හඬ­පට ගැනද පුළුල් විම­ර්ශ­න­යක් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂක පොලිස් අධි­කාරී ජී.ජේ. නන්දන මහතා යටතේ සිදු වෙයි. එම විම­ර්ශන අව­සා­න­යේදී ශානි අබේ­සේ­කර මහතා ඇතුළු කිහිප දෙනෙක්ම අත්අ­ඩං­ගු­වට පත් වීමට ඇති ඉඩ­කඩ බොහෝය. ඒත් එක්කම හඬ­ප­ට­ව­ලින් හෙළි වන විනි­සු­රු­ව­රුන් ගැනද විශේෂ විම­ර්ශ­න­යක් අධි­ක­රණ සේවා කොමි­සම මඟින් සිදු­වනු ඇත.

ඇතැම් හඬ­ප­ට­වල යහ­පා­ලන ආණ්ඩු­වේම මැති ඇම­ති­ව­රුන් හිරේ දම­න්නට රන්ජන් කතා­බහ කරයි. ළාබාල ගණි­කා­වන් ගැන ද කතා වෙයි. එජා­පයේ තරුණ මන්ත්‍රී­ව­ර­යකු ඇම­තුම් දෙමින් එම මන්ත්‍රී­ව­රයා ඇසුරු කර ඇති කාන්තා­වන්ගේ ගණන පවා විම­සන හඬ­ප­ට­යක්ද ඒ හඬ­පට ගොන්නේ ඇති බව සඳ­හන්ය.

මෙතෙක් විම­ර්ශ­න­යට ලක් වී ඇති හඬ­පට ගොන්නේ වැඩි පුරම ඇතැයි පැව­සෙන්නේ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා එජා­පයේ තරුණ මන්ත්‍රී­ව­රි­යක සමඟ කෙරෙන කතා­බ­හය.

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා පටි­ගත කර ගබඩා කර තිබී ඇත්තේ දුර­ක­තන සංවාද පම­ණක් නොව, පාර්ලි­මේ­න්තුවේ රැස්වීම් පැවැ­ත්වෙන විට මැති ඇම­ති­ව­රුන් අස­ලට යමින් කෙරෙන කතා­බ­හද ඔහු පටි­ගත කර ඇත්තේ වීඩියෝ පටි­ගත කිරීම් ලෙසිනි. මැති ඇම­ති­ව­රුන් කොමිස් ගන්නා හැටි ගැන මෙන්ම ඩීල් දමන හැටිද ඒ කතා­බහ තුළ අඩං­ගුය. එම වීඩියෝ පටි­ගත කිරී­ම්ව­ලින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එළි­යට විත් ඇත්තේ එක් වීඩි­යෝ­වක් පමණි. රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­පට සමාජ මාධ්‍ය ජාල වල ප්‍රසිද්ධ වෙන ආකා­රය දෙස බැලී­මේදී වැඩි කල් නොගොස් ඒ සෑම හඬ­ප­ට­යක්ම මෙන්ම වීඩියෝ පට­යක්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීම පුදු­ම­යක් නොවනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress