RANJANGATE SCANDAL – රන්ජන් නඩු කටයුත්තක් මඟහැර සිටීමට ගන්නා උත්සාහයක හඬ පටයක් එළියට
Posted on January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මඟහැර සිටීමට එම අධිකරණයේ තෝල්ක මුදලිවරයාගෙන් උපදෙස් ලබාගන්නා හඩපටයක් පිළිබද පැමිණිල්ලක් සිංහලේ සංවිධානය අද අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළා.

ඔවුන් පවසන්නේ එම තෝල්ක මුදලිවරයා මත්පැන් බෝතල් භාගයක් වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාට අධිකරණය මඟහැර සිටීමට අදාල උපදෙස් ලබාදී ඇති බවයි

සිංහලේ සංවිධානය මීට පෙර අවස්ථා කිහිපයකදී අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත සිදුකරන ලද පැමිණිලිවල ප්‍රගතිය සොයා බැලීම සදහා මෙන්ම තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා අද එම කොමිෂන් සභාව වෙත පැමිණියා.

මෙහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව පිළිබදවද අදහස් පලවුණා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress