RANJANGATE SCANDAL – මරණ දඬුවම පැනවීමට විනිසුරුවන්ට බලපෑම් කළ පුද්ගලයන්ට සහ එම විනිසුරුවන්ට ද මරණ දඬුවම දිය යුතුයි – අගමැති
Posted on January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් සිදුකොට යම් පුද්ගලයෙකු වෙත මරණ දඬුවම නියම කර ඇත්නම් එම බලපෑම් සිදුකළ පුද්ගලයාට මෙන්ම එම වරද සිදුකළ විනිසුරුවරයාට ද මරණ දඬුවම ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවේදියි. එම සාකච්ඡාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ සහ කෙහෙලිය රඹුක්වැල්ල ද එක්ව සිටියා.<

මේ අතර, පසුගිය වසර හතර හමාරක කාලය තුළ මෙරට ආර්ථිකය වසර 15කින් පමණ ආපස්සට ගොස් ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

ඒ, කොළඹ කොටස් වෙළඳපොළ තැරැව්කාර සමාගම් නියෝජිතයින් පිරිසක් සමඟ අද පැවති සාකච්ඡාවකදියි.

කඩා වැටී කොළඹ කොටස් වෙළදපොළ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් රජය මැදිහත් වන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress