එජාපයේ ආසන සංවිධායකවරු විපක්ෂ නායක හමුවෙයි
Posted on January 21st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ආසන සංවිධායකවරුන්ට අමතරව මෙම රැස්වීම සඳහා පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සියලු පළාත් පාලන නියෝජිතයින් ලබන 26 වැනිදා කොළඹට කැඳවා දැනුවත් කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress