ධර්ම ගුණසිංහ විදුහල්පතිතුමන්ට නිවන්සැප ලැබේවා
Posted on January 22nd, 2020

වෛද්‍ය රුවන් එම් ජයතුංග

ධර්ම ගුණසිංහ මහතාව මම මුලින්ම දුටුවේ 1973 වසරේදීය. එකල එතුමා නාලන්දා මහා විද්‍යාලයේ කණිෂ්ඨ අංශයේ විදුහල්පතිවරයා විය.  අපගේ එක ඩී පන්තිය තිබුනේ ධර්ම ගුණසිංහ මහතා ගේ කාර්‍යාලයට යාබදවය. එම නිසා ගුණසිංහ මහතා අපි නිතර දෙවේලේ දුටුවෙමු.  පසුව ගුණසිංහ මහතා  නාලන්දාවේ විදුහල්පතිවරයා විය.   සුදු කමිසය සහ කලිසම අඳින තේජාන්විත පෞරුෂයක් තිබූ ධර්ම ගුණසිංහ මහතා එකල පාසල් රැස්වීම් වලදී අපව අමතන අන්දම මට තවමත් මැවී පෙනේ.සිසුන් ගුණසිංහ මහතා කෙරෙහි භක්තියක් මෙන්ම ගරුත්වයක්ද දැක්වූහ. වර්තමානයේ මෙලෙස භක්ති-ගරුත්වයක් ලබා ගත හැකි ආකාරයේ පෞරුෂයක් සහිත විදුහල්පතිවරු අතිශයින්ම විරළය.  සිසුන් ගේ දැණුම මෙන්ම පෞරුෂ වර්ධනය කෙරෙහි ගුණසිංහ මහතා අවදානය යොමු කල අතර ගුණසිංහ යුගයේදී නාලන්දාව අධ්‍යාපන මෙන්ම ක්‍රීඩා අතින් ද දිවයිනේ අනෙකුත් පාසල් අතර මුල් තැනක් ගත්තේය. ගුණසිංහ යුගයේදී නාලන්දාවේ අධ්‍යාපනය ලැබීමට අප වාසනාවන්ත වූයෙමු.    

 සිසුන් පරම්පරා ගනනාවකට යහ මග පෙන්වූ එතුමන්ට නිවන්සැප ලැබේවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress