RANJANGATE SCANDAL – සිංහලේ සංවිධානය සිරිකොතට
Posted on January 24th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම බොරු ප්‍රචාර ගෙනයමින් සිටින බව සිංහලේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසනවා.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීම සම්බන්ධ ලේඛන ඇත්නම් ඒවා ලබාදෙන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණියා.

එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හා ප්‍රදීප් සංජීව මහතා අතර මෙලෙස සංවාදයක් සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress