RANJANGATE SCANDAL – පසුගිය රජයේ සැලසුම්සහගත උත්සාහයක් ගැන අස්ගිරි ලේඛකාධිකාරී හිමියන් කියයි
Posted on January 26th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට අනුව පසුගිය රජය විසින් මෙරට දෙමුහුන් අධිකරණ ස්ථාපිත කිරීමේ සැලසුම්සහගත උත්සාහයක නිරත වී ඇති බවට සැකයක් මතු වන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අද පැමිණි අවස්ථාවේදියි.

මහනුවරට පැමිණි මහාචාර්ය ජී.එල්. පීරිස්, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටුවා.

අනතුරුව ඔහු අස්ගිරි පාර්ශවයේ මහාලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදුටුවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress